කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා වැඩපොළක ඇතිවූ ගින්නකින් එහි සේවකයෙකු පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහල්ගත කර තිබේ.
ඊයේ (11) දහවල් මෙම හදිසි ගින්න ඇතිවී තිබෙන අතර තුවාල ලබා ඇත්තේ අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුව කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.
කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Saru News
















