රත්‍රං මිල හදිසියේම රුපියල් 60,000කින් ඉහළට

0
9


මෙම වසරේ ගත වූ කාලසීමාව තුළදී පමණක් රත්‍රං මිල රුපියල් 60,000කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. 

එහි සහකාර අධ්‍යක්‍ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය සතියේදී පමණක් රත්‍රං මිල රුපියල් 15,000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

Neth Sound · INDIKA BANDARA 01

මෙම වසර අවසන් වන විට ලෝක වෙළඳපොළේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,000ක් පමණ දක්වා ඉහළ යා හැකි බවටයි පුරෝකතනය කර ඇත්තේ.  

Neth Sound · INDIKA BANDARA 02

රත්‍රං මිල ඉදිරියේදී අඩු වීමේ ප්‍රවණතාවක් ඇති වීමට නම් කිසියම් රටක මහබැංකුවක් මගින් රත්‍රං සංචිත මුදාහැරීමක් සිදු විය යුතු බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ ඉන්දික බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

Neth Sound · INDIKA BANDARA 03

මෙරට රත්‍රං මිල ගණන් ද මේ වන විට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here