Thursday, May 22, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් රත්න­පුරේ ඩෙංගු­ව­ලින් දෙදරු මවක් මරුට

රත්න­පුරේ ඩෙංගු­ව­ලින් දෙදරු මවක් මරුට

0
3


mother-of-two-dies-of-dengue-in-ratnapura

ඩෙංගු රක්ත­පාත රෝගී තත්වය නිසා රත්න­පුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි 36 හැවි­රිදි දෙදරු මවක් මරු­මු­වට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පව­සයි.
රත්න­පුර කුකු­ණ­ගොඩ කර­න්ගොඩ පදිංචි වයි. නිලන්ති මහ­ත්මි­යගේ හදිසි මරණ පරී­ක්ෂ­ණය රත්න­පුර ශික්ෂණ රෝහ­ලේදී පෙරේදා (20) සිදු කළ අව­ස්ථා­වේදී ඇයගේ මර­ණ­යට හේතුව ඩෙංගු රක්ත­පාත රෝගී තත්ත්ව­යක් බව අනා­ව­ර­ණය විය.



රත්න­පුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්න­කෝන් මහතා විසින් මෙම හදිසි මරණ පරී­ක්ෂ­ණය සිදු කළේය. එම රෝහලේ අධි­ක­රණ වෛද්‍ය රෙජි­ස්ට්‍රාර් වෛද්‍ය සිසිර කුමාර දිසා­නා­යක මහතා විසින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කළ අතර එහි නිග­ම­නය වූයේ ඩෙංගු රක්ත­පාත උණ වැල­ඳී­මෙන් ශරී­රයේ බහු අව­යව අක­ර්ම­ණ්‍ය­තා­වට ලක්වී­මෙන් මෙම මර­ණය සිදුව ඇති බවය.
මිය­ගිය කාන්තා­වගේ සැමියා වන ආර්.ඩී. සුගත් චමින්ද මහතා හදිසි මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්කි දෙමින් සඳ­හන් කළේ සිය බිරිය සති දෙක­කට පෙර රත්න­පුර ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර දින කිහි­ප­ය­කින් ඇය දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කළ බවයි. ඇයට වෙනත් කිසිදු රෝගී තත්ත්ව­යක් නොති­බුණු බවද ඔහු පැව­සීය.


රත්න­පුර ප්‍රදේ­ශයේ පැතිරී ඇති ඩෙංගු උව­දුර ජීවිත බිලි ගන්නා තත්ත්ව­ය­කට පත්ව ඇති නිසාත් වැසි සහිත කාල­ගු­ණය හමුවේ ඩෙංගු අව­දා­නම වර්ධ­නය විය හැකි නිසාත් වඩාත් විම­සි­ලි­මත්ව තම පරි­ස­රය පිරි­සි­දුව තබා­ගෙන ඩෙංගු මර්ද­න­යට සහාය දක්වන ලෙස හදිසි මරණ පරී­ක්ෂක ටී.එම්. හරීන්ද්‍ර ලක්මිණ තෙන්න­කෝන් මහතා රත්න­පුර සහ අවට ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් ද මෙහිදී කළේය.
රත්න­පුර ශික්ෂණ රෝහලේ පොලිස් මුර­පොළේ සැර­යන් (60495) වසන්ත සඳ­රු­වන් මහතා සාක්කි මෙ‍ෙහ­ය­විය.
ඩෙංගු රෝගය හේතු­වෙන් පසු­ගිය දෙස­ති­ය­කදි රත්න­පුර ශික්ෂණ රෝහ­ලෙන් මරණ දෙකක් වාර්තා විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here