රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW:

මාස 15 දිගු දිගු නිහැඩියාව හමාරකරමින් රත්නපුරයට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් ලැබුණ මොණරවිල ක්‍රීඩා පිටිය වල් ඉවත් කර තරග කිරීමට සුදුසු තත්ත්වයට ගෙන ඒමට එහි භාරකරු ලෙස කටයුතු කරන අතුල කුමාර ප්‍රමුඛ එහි සේවක මඬුල්ල ක්‍රියා කර ඇත. ළාත් තණතිලිභාරකරැ රසික පල්ලියගුරැගේ සහ මෙම කර්තවය සාර්තක කරගැනීමට අපහට නිරන්තරයෙන්ම ශක්තියක්වූ Sri Lanka Cricket හී ගරැ සභාපතිතුමා , ගරැ භාන්ඩාගාරිකතුමා ,ඌව පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් තුමා යන සියල්ලටම සිය ස්තූතිය හිමිවන බව ක්‍රීඩා පිටියේ විශාල වගකීමක් දරණ වත්මන් රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් පරිපාලනය පවසයි.

තණතීරැ 6 සහිත මොණරවිල ක්‍රීඩා පිටිය සියලුම පාසල් හා ක්‍රිඩා සමාජ තරග සහන මිලකට වෙන්කරවා ගැනිමේ ඉඩකඩ සළසා ඇති අතර මාස 15 ට පමණ පසු ත්‍රීඩා පිටිය නැවත් ක්‍රීඩා කළ හැකි තත්ත්වයට පත් වූ පසු පැවති තරගය සඳහා සහභාගි වූ Middle X කංඩායම හා ඇඹිලිපිටිය N S කණ්ඩායම් අතර තරගයේදී දෙපිලේ නායකත්වය දැරූ ක්‍රීඩකයින් දෙදෙනා සහ විනිසුරුවන් දෙදෙනා ඡායාරූපයේ දැක්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here