මේ කියන්න යන්නේ රත්නපුරයේ සංචාරය කරන්න ඉන්න ඔබ, රත්නපුර ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඉතා ඉහල වැදගත්කමක් ඇති ඓතිහාසික ස්ථාන රැසක් හා සුන්දර ස්ථාන රත්නපුර සතුයි.
1. සමන් දේවාලය

Source – lanka.com
සබරගමු මහ සමන් දේවාලය රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර සිට කිලෝ මීටර් තුනක් දුරින් ප්‍රධාන මාවතට වම් පසින් කළු ගඟ අසබඩ ඇති උස්බිමක පිහිටා ඇත. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉඳිකර ඇති මෙම දේවාලය දඹදෙනි යුගයේ දෙවැනි පැරකුම්බා රජුගේ අණින් රජුගේ අමාත්‍ය ආර්යකාමදේව විසින් තැනවූ බව සැලකේ. ඉන් අනතුරුව ශ්‍රී පරාක්‍රමබාහු, දෙවන රාජසිංහ හා දෙවන රාජසිංහ ආදී රාජ්‍ය සමයන්හිදී ප්‍රතිසංස්කරණය කරන ලද සමන් දෙවොල අද වන විට සබරගමු පළාතේ ඓතිහාසික ස්ථාන අතුරින් ප්‍රධාන තැනක් උසුලයි. දේවාලය ආශ්‍රිත ව ගොඩනැගුණු පුද පූජා, වත්පිළිවෙත් හා සමාජීය කුල පරම්පරා ආදිය නිසා ඓතිහාසික වටිනාකම අතින් පමණක් නොව සංස්කෘතිමය වශයෙන් ද ආවේණික වටිනාකමක් ගෙන එයි. දේවාලය ආශ්‍රිත ව පවතින ප්‍රධාන සංස්කෘතිකාංග අතර දිනපතා පූජා හා කාර්තු පුජා වැදගත් වේ.
මෙන්න මෙතැන තමා සමන් දේවාලය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/ZqA5joJESUu
2. ශ්‍රී පාදය

Source – beezerland.com
ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා “ශ්‍රීපාද” යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා “සමන්ත කූට” යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව “රත්නගිරි”, “ස්වර්ගරෝහනම්” යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය.එය ඔවුන්ගේ වසර 2500 අධික ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව පැහැදිලි වේ.
මෙන්න මෙතැන තමා ශ්‍රී පාදය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/gxxkMtHRo8u
3. බෝපත් ඇල්ල

Source – srilankafinder.com
බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය.
මෙන්න මෙතැන තමා බෝපත් ඇල්ල පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/hRAXMB9umvx
4. සිංහරාජ වනය

Source – rainforestprotectors.org
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම් කොට ඇත. ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වීමෙන් ආරක්ෂා විය. මෙය 1978 වසරේ දී ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද, 1988 වසරේ දී ලෝක උරුමයක් ලෙස ද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතයේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් දේ. රක්ෂිතයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
මෙන්න මෙතැන තමාසිංහරාජ වනාන්තරය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/9NNJGh6LNfm
5. පොත්ගුල් විහාරය

Source – wikigogo.org
වළගම්බා රජතුමන් විසින් ගොඩනගන ලද්දේ යැයි සැළකෙන මේ විහාරය ක්‍රි.පූ 1 වැනි සියවසේදී පමණ තැනූවකි.
මෙන්න මෙතැන තමා පොත්ගුල් විහාරය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/7k9tV7Eegk12
6. කටුගස් ඇල්ල

Source – youtube.com
රත්නපුර නගරයේ සිට කිලෝමිටර් තුනක් ඇතින් පිහිටි මහවලවත්තේ පිහිටා ඇති දේශිය ජනතාව අතර ජනප්‍රය දිය ඇල්ලකි. කොස්පැලවින්න ග්‍රමයට ජීවයක් එක්කරමින්ද සාඩම්බර ලීලාවෙන් කඩාහැලෙන කටුගස් ඇලි දැරිය නෙත් සිත් පිනායන දසුනකි මීටර් 6ක් පමන උසකින් යුක්ත කුඩා ඇල්ලක් උවත් සුන්දරත්වයෙන්නම් මීටර් 30-40කට වඩා වැඩිය.
මෙන්න මෙතැන තමා කටුගස් ඇල්ල පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/CC39Fz8apkw
7. රත්නපුර කෞතුකාගාරය

Source – writeaboutbirth.com
රත්නපුර ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ රත්නපුරය නගරය අාසන්නයේ පිහිටුවා අැත. ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මහ අධිකාරම් සහ සබරගමුව දිසාවේ ලෙසට (1811 – 1814) රාජකාරී ඉටුකල ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේ (ඇහැලේපොළ නිළමේ) විසින් තම රාජකාරී උදෙසා රත්නපුරය ඉදිකරන ලද ඇහැලේපොළ වලව්ව වේ.
පසුකාලීනව රජයේ දිසාපතිවරුන්ගේ නිල නිවාසයක් ලෙස යොදා ගෙන ඇති මෙම වලව්ව මේ වන විට රත්නපුර ජාතික කෞතුකාගාරය ලෙස භාවිතයට ගැනේ. උඩරට රාජධානියට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් සේ සළකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම වලව්ව වර්තමානයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කොට ඇත.
මෙන්න මෙතැන තමා රත්නපුර කෞතුකාගාරය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/Y73c7vZhRgH2
8. කජුගස්වත්ත පන්සල

Source – tripadvisor.com
රත්නපුරයේ ඇති ප්‍රධානම විහාරස්ථානයක් ලෙස කජුගස්වත්ත පන්සල සැලකේ. මෙහි විශාල හිටි පිළිමයක්ද නිවමා ඇත.
මෙන්න මෙතැන තමා කජුගස්වත්ත පන්සල පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/K1RgSNB82UU2
Cover Image Source – vivowallpaper.com
The post රත්නපුරයේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන. appeared first on Lifie.LK.
Saru FM Media