රත්තරන් T56 – ගිනි අවි ආඥා පනත අනුව මොකක්ද වෙන්නේ?

0
2


නීති විරෝධී ලෙස ස්වයංක්‍රීය ගිනි අවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල තත්වය ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය විසින් ෆේස්බුක් මත සටහනක් තබමින් පැහැදිලි කර තිබිණි.

ගිනි අවි ආඥා පනත අනුව මෙවැනි වරදකරුවෙකු ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කළ හැකි බව ඔහු පෙන්වා දී ඇති අතර එම සම්පූර්ණ සටහන උපුටා ගෙන පහත දැක්වේ.

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීර්ණයේ හැට අට හැවිරිදි කාන්තාවකගේ සන්තකයේ තිබී අත් අඩංගුවට ගන්නා ලද රන් ආලේපිත ටී පනස්හය අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ දුමින්ද දිසානායක ගේ බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

දුමින්ද දිසානායක ජනාධිපතිවරනයේ දී රනිල් රාජපක්ෂට සහාය දුන්නේය. රනිල් රාජපක්ෂ ඔහුට විශාල වන්දි මුදලක් ද ලබා දුන්නේය.

හිටපු ඇමතිවරයකු වූ දුමින්ද දිසානායක සිය අරක්කැමියා මාර්ගයෙන් මේ ගිණි අවිය හැව්ලොක් සිටි පදිංචි එම කාන්තාවගේ නිවසට යවා සඟවා තබන ලෙසට උපදෙස් දී ඇති බවට තොරතුරු හෙළි වී ඇත.දුමින්ද දිසානායක හැට අට හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙක් බවටද පොලිස් පරීක්ෂණ වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙි.ඒ ගිණි අවිය මාස හයකට ආසන්න කාලයක්

එම කාන්තාව තබා ගෙන සිටි ඇති අතර ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ එය සැබෑ අවියක් බවට තමන් නොදැන සිටි බවය.

පසුගිය අරගලය පැවැති අවස්ථාවේ එවකට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිණි තබා දේපොළ සොරකම් කිරීමේ සිදු වීම් හා සබැඳිව දුමින්ද දිසානායකගේ සැනසුම, අංක 630 ගුවන් තොටුපොළ පාර ,අනුරාධපුර පිහිටි කාර්යාලයද ගිණි තබා විනාශ කරන ලද

අවස්ථාවේ එම කාර්යාලයේ තිබූ මිලිමීටර් 09 බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයද අස්ථානගත වී ඇතැයි ඔහුගේ සහෝදරයකු විසින් පොලීසියට පැමිණිල්ලක් කරන ලද බව ඒ දිනවලදී වාර්තා විය.

හිටපු ඇමති චමල් රාජපක්ෂ පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී මෙරට පාතාල ක්‍රියාකාරකම් වල වර්ධනයක් දැක ගත හැකි වනු ඇති බවය.ඔහුගේ එම ප්‍රකාශය සැහැල්⁣ලුවෙන් ගත නො⁣හැක්කේ හිටපු දේශපාලන බලධරයන් සතුව මේ ආකාරයට ගිණි අවි සඟවා ගෙන සිටීම නිසාය.විශේෂයෙන් මෙරට ප්‍රසිද්ධ බොහෝ පාතාල ක්‍රියාකාරිකයන් රැකවරණය සපයා ගෙන තිබුණේ හිටපු ආණ්ඩුවල දේශපාලන බලධරයන් බවද ප්‍රසිද්ධ රහසකි.

අත් අඩංගුවට ගන්නා ලද ගිණි අවිය රන් ආලේප කර තිබීමද විශේෂිත කාරණයකි.

ස්වයංක්‍රීය ගිණි අවියක් සන්තකයේ තබා ගැනීම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දිය නොහැකි වරදකි.

ගිණි අවි ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ප්‍රධාන වරදක් වන බලපත්‍රයක් නොමැතිව තුවක්කුවක් සන්තකයේ තබා ගැනීම වන අතර ඊට අදාල වරදවල් ආඥා පනතේ 22(1)22(2)22 (3) වගන්තිවල සඳහන්ව ඇත.එහි 22(3)අතුරු වගන්තියේ වූ අතුරු විධානයේ දක්වා ඇත්තේ මෙසේය.

“එසේ වුවද ඒ වරද ස්වයංක්‍රීය තුවක්කුවක් හෝ රිපීටර් ෂොට් ගන් තුවක්කුවක් භාරයේ හෝ සන්තකයේ තබා ගැනීම හෝ පාවිච්චි කිරීමෙන් සමන්විත වන අවස්ථාවක වරදකරු ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ යුතුය”යනුවෙනි.

– ලොකු විසිනි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here