රත්තරන් T56ට දුමින්දත් රිමාන්ඩ්! දැන් හිටපු ඇමැතිවරු 5ක්ම ඇතුළේ!  I Sri Lanka Latest News

0
2


රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.Sri Lanka Latest News

ඔහු අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත. 

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්තේය.

විවිධ චෝදනා මුල්කොට ගෙන පැවැති ආණ්ඩුවල අමාත්‍ය තනතුරු දැරූ ප්‍රබලයන් සිවුදෙනකු මේ වනවිට අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.

ඒ අනුව, මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් කැලණිය ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවක් මුල්කරගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව යටතේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ අමාත්‍ය ධුරයන් දැරූ මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන හිටපු අමාත්‍යවරුන්ද මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

ඩොලර් මිලියන 6.9ක චීන පොහොර ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ බාල බෙහෙත් ලංකාවට ගෙන්වීමේ සිද්ධියක් මුල්කරගෙනය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here