ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරමින් අදත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල අද (16දා) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4233ක් ලෙසය.
පසුගිය මාසය ආරම්භයේ සිට රත්‍රන් මිල සීග්‍රයෙන් අඛණ්ඩව ඉහළ යන අතර මේ වසර ආරම්භයේදී රන් අවුන්සයක මිල ඩොලර් 2640ක් ලෙස දැක්වුණි.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුවීම සමගම මෙරට රත්‍රං මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන් පවුමක් රු 10,000කින් ඉහළ ගොස් ඇති අතරල නව මිල රුග 360,800කි.
Saru FM Media