රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ගම්පහ මහාධිකරණයෙන් අද (30දා) ඇප නියම කර ඇත.
රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඉදිරිපත් කොට තිබෙන ඇප අයදුම ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ යලිත් සලකා බැලිණ.
එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා සිටියහ.
එහිදී ඉදිරිපත් වුණු කරුණු සලකා බැලූ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය සැකකාර ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවාය.
Saru FM Media