රණවිරු සැමරුම් උත්සවයට මුලින් අනුර එන්නෙ නැතිව ඉන්න හදලා අන්තිම මොහොතේ එන්න තීන්දු කළේ ඇයි? මෙන්න හේතුව ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික වරුණ දීප්ත හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

0
2


සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘රණවිරු සැමැරුම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහභාගිත්වය පිළිබඳව රටේ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙලා තිබුණා. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණට ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව , රටේ තිබුණ යුද්ධමය වතාවරණය පිළිබඳව පැහැදිලි අදහසක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ විවිධ අවස්ථාවල විවිධ දේශපාලන ස්ථාවරවල තමයි කටයුතු කරලා තිබෙන්නේ. 1980 දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ සිටි ලයනල් බෝපගේ ස්වයං නිර්ණ අයිතියට පක්ෂව පොතක් නිකුත් කරලා තිබුණා. ඒ වගේම රෝහණ විජේවිර මහත්මයා ඊට ප්‍රති පක්ෂව දෙමළ ඊලාම් අරගලයට අපේ විසදුම කියලා පොතක් නිකුත් කරලා තිබුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ 1997 දී යුද්ධය එපා කියලා පොස්ටර් ව්‍යාපාරයක් දියත් කරනු ලැබුවා. ඒ වගේම ජනතා විමක්ති පෙරමුණ යුද්දයක් ඉල්ලා සිටියා. ඒ නිසා යුද්ධය සම්බන්ධයෙන් විවිධ පරස්පර අදහස් ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ දරලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතාගේ කාලයේදිත් ජනතා විමුක්ති පෙරමුණ විවිධ මත දරනවා. එලෙස ඔවුන් විවිධ මත දරන්නේ ඡන්ද ලබාගැනිමේ පරමාර්ථය මත පදනම්වයි. ඒ හැර ඔවුන්ට වෙනත් කිසිදු දේශපාලපන ප්‍රතිපත්තියක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ උතුරේදි එක දේශපාලන පණිවිඩයක් ලබාදෙනවා. දකුණේදි තවත් දේශපාලන පණිවිඩයක් ලබාදෙනවා. ඒ් වගේම ජනතා විමුක්ති පෙරමුණ කැනඩාවේ ඩයස්පෝරාව හමුවුණාම එක කතාවක් කියනවා. ලංකාවේ දී තවත් දෙයක් ප්‍රකාශ කරනවා. මේ සියල්ල ක්‍රියාවට නංවන්න උත්සහ කිරිම හරහා ජනාධිපති අනුර දිසානායක මහතා විශාල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. ජනාධිපති අනුර දිසානායක මහතා මේ හරහා විහිලුකාරයෙකු බවට පත්වෙලා තිබෙනවා.

ඒ වගේම අපේ රට තුළ යුද්ධයක් නිර්මාණය වීමට බලපාන ලද දේශපාලන කාරණා රැසක් තිබෙනවා. ඒ නිසා අපේ රටේ යුද්ධයක් නිර්මාණය වීම වළක්වා ගැනිමට කටයුතු නොකිරිම දේශපාලනික වශයෙන් පරාජයක්. රට තුළ යුද්ධයක් ඇති වීමට රටේ උතුරත් දකුණත් ජනතාව සහ දේශපාලනික වමත් දකුණුත් දේශපාලනය නියෝජනය කරන පිරිස් වගකිව යුතුයි. ඒ වගේම අපේ රටේ ඇති වුණ යුද්ධය යුද්ධයකින් අවසන් නොකර දේශපාලනිකව විසඳුම් සොයන්න සෑම පාලකයෙක්ම උත්සහ ගනු ලැබුවා. එය සාර්ථක කරගැනිමට නොහැකි වීමත් පරාජයක්. ඒ වගේම යුද්ධය යුද්ධයකින් පමණක් පරාජය කිරිමට හැකි වුණ අවස්ථාවක් නිර්මාණය වුණාට පස්සේ ඒ යුද්ධය ජයගැනිම ජයග්‍රහනයක්. ඒ වගේම රාජ්‍ය නායකයාට කොන්ද පණ තිබිය යුතුයි. ඒ වගේම රටේ තිබෙන දේශපාලන ව්‍යාපාරවලට දේශපාලනිකව විවිධ මත තියෙන්න හැකියි. නමුත් මේ අවස්තාවේ අනුර දිසානායක කියන්නේ රටේ රාජ්‍ය නායකයා. ඒ වගේම රටේ සේනාධිනායකවරයා වන්නෙත් අනුර දිසානායක මහතා. ඒ වගේම රටේ තිබුණ ත්‍රස්තවාදය පරාජය කළ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා අනුර දිසානායක මහතා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්තයාට යුද්ධය පිළිබඳව විවිධ මත අදහස් තිබිය හැකියි. නමුත් ලංකාවේ ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහත්තයාට යුද්ධය පිළිබඳව මත තියෙන්න නොහැකියි. ඒ වගේම ජනාධිපතිවරයෙක් ලෙස රණවිරු සැමැරුමට සහභාගි විම වැදගත් වෙනවා.ඒ වගේම ජනාධිපති ලෙස අනුර දිසානායක මහතා ත්‍රිවිධ හමුදාව සමඟ ගනුදෙනු කළ යුතු අනිවාර්ය අවස්ථා තිබෙනවා. ඒ වගේම හමුදා විසිරයෑමේ උත්සවයකට රටේ සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා සහභාගි වෙනවා. එහිදි ජනාධිපති සම්මාන ලබාදිම් පවා සිදුවෙනවා. මෙවැනි උත්සව පවා අනුර දිසානායක මහත්තයා මග හැර තිබෙනවා. රටේ සේනාධිනායකයා කියන දේ ඔහු තේරුම් ගෙන නැති බවක් තමයි මේ හරහා පෙනෙන්න තිබෙන්නේ.

ඒ වගේම ජනාධිපතිවරයා මේ දිනවල කාර්යයබහුලයි. එලෙස ජනාධිපතිවරයා කාර්යයබහුල වෙලා තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කටයුතු නිසා නෙවෙයි. ජනාධිපතිවරයා කාර්යයබහුල වෙලා තිබෙන්නේ විදුලිබිල වැඩි කරන්නේ නැතිව ජනතාවට සහනයක් දෙන්නේ කොහොමද කියනවා වගේ ප්‍රශ්න සමඟ නෙවෙයි. ඒ වගේම රටේ ලුණු හිඟයක් ඇතිවෙලා තිබෙනවා ඒ සඳහා විසදුමක් සෙවීමට නෙවෙයි. අනුර දිසානායක මහත්තයා මේ ප්‍රශ්න සියල්ල අත්හැර තිබෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ආණ්ඩුකරණය අත්හැර තිබෙනවා. අනුර දිසානායක මහත්තයාට දේශපාලනික ප්‍රශ්න රැසක් තිබෙනවා. එකක් තමයි ඔවුන්ගේ කඳවුර ඇතුළේ බෙදිම් ඇතිවෙලා තිබෙනවා. ඔහුගේ දේශපාලන ප්‍රශ්න විසදාගැනිමට ඔහු දේශපාලනය කරමින් සිටිනවා. අනුර දිසානායක මහත්තයා රාජයේ කටයුතු වලට සම්බන්ධ වන්නේ නෑ. ඒ වෙනුවට ඔහු පක්ෂයේ දේශපාලන පක්ෂයේ වැඩකටයුතු සිදුකරමින් සිටිනවා. ඔහුට හිතෙනවානම් ඔහු රාජ්‍ය නායකයා නෙවෙයි කියලා ඔහුට පුලුවන් පැලවත්තට ගොස් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්න. ඔහුට පරණ පුරුදු ආකාරයට බොරු කියමින් කටයුතු කරන්න හැකියාව තිබෙනවා.

ඒ වගේම රටේ කොතැනක හෝ දිනෙන් දින වෙඩි තැබිම් සිදුවෙනවා. වර්තමානය වනවිට එය සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා. ප්‍රවෘත්ති විකාශනවල දැන් වෙඩි තබාගැනිම් ප්‍රධාන පුවතක් බවට පත්වෙලා නෑ. මේ ආකාරයට වෙඩි තියන්න ගිනිඅවි කොහෙන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම තුවක්කුවක් නැත්තේ රටේ කිහිපදෙනෙකුට පමණයි. මොකද රටේ සෑම තැනකම වෙඩි තැබිම් දැන් සිද්ධ වෙනවා. ඒ වගේම පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ඔලුව මහත්තයා ගමන් ගත් වාහනයට වෙඩි තබා තිබෙනවා. මේ සිද්ධිය හල්ඔලුවගේ නාට්‍යයක් නම් ආණ්ඩුවට ඉතා කෙටි කාලයක් තුළ මෙම සිද්ධිය හෙළි කිරිමට හැකියාව තිබෙනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා මුල්‍ය වංචාවක් සිදුකළ බවට හල්ඔලුව චෝදනාවක් එල්ල කළ පසු හල්ඔලුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැවිත් ප්‍රශ්න කරලත් තිබුණා. ඒ වගේම හල්ඔලුව මහතාට වෙඩි තබා තිබුණේ ඔහුගේ නීතිඥවරයාද සිටින විටයි. මෙය බරපතල තත්ත්වයක්. ඒ වගේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හල්ඔලුව ගෙනැවිත් ප්‍රශ්න කළාට පසු චෝදනාවට ලක්වුණ ශාන්ත හෙට්ටිආරච්චි කියන පුද්ගලයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්න කටයුතු කරනවාද? ඔහුට සිතාසි යවා තිබෙනවාද? ඔහුට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දිලා තිබෙනවාද? ඒ වගේම හල්ඔලුව ප්‍රකාශ කළ පරිදි මෙම දුෂණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ඔහුගේ අදහස ඉදිරිපත් කළ යුතුයි. මේ සිද්ධියට සම්බන්ධද නැද්ද කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතුයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කිරිම වැදගත් වෙනවා. ඒ වගේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙනත් කිසිදු කටයුත්තක් කිරිමට නොහැකි වෙලා තිබෙනවා. ඔවුන් මේ දිනවල ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ගේ කිර්තිනාමයන් හානි විම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවා. ආණ්ඩුවේ නායකයන්ට එල්ල වන චෝදනා වලින් ඔවුන් නිදහස් කර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවෙලා තිබෙනවා. මේවැනි දේවල් සිදුනොකර ජනාධිපතිවරයාට බරපතල චෝදනාවක් පුද්ගලයෙක් එල්ල කරලා තිබෙනවා. මේ වනවිට එම පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා. එසේ නම් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවැත්විය යුතුයි. හල්ඔලුවට වෙඩි තැබුවේ කවුද කියලා ආණ්ඩුවට සොයාගැනිමට නොහැකි වුනොත් ආණ්ඩුවට එහි වගකිම භාර ගැනිමට සිදුවෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here