රට සංවර්ධනය කිරීමට චීන රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව තානාපති කියයි

0
4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රට සංවර්ධනය කරලීමේ ක්‍රියාවලිය සඳහා චීන රජයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qizhenhog මහතා ප්‍රකාශ කළේය.

තානාපතිවරයා මේ බව පැවසුවේ චීන රජයේ ආධාර මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවනෝපාය වර්ධනය කරලීමේ උපකරණ ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.

මෙහිදී රුපියල් මිලියන පහළොවක් පමණ වන වටිනාකමින් යුත් මහණ මැෂින් සහ ජල මෝටර් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසන විජේමුණි, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්ස කුමාර, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here