රට රැකියා පෙන්නා බිරිඳ සමග මුදල් ගරලා… සජිත්ගේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක සොයා මෙහෙයුම්… – Saru News | සිංහල

0
2

කැනඩා යවන බව පවසා බිරිඳ සමග එක්ව රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමකට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාගේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක මෙන්ම දඹුල්ල නාගරික මන්ත්‍රී සනත් ප්‍රසන්න ගුණසිංහ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශව ආරම්භ කර ඇති අත්අඩංගුවට ගත් බිරිඳ අද (20) දින වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම සැකකාර නාගරික මන්ත්‍රී බිරිඳ සමග එක්ව සමාගමක් පවත්වාගෙන යමින් මෙසේ මුදල් වංචා කර ඇති බව පැවසේ. එහෙත් මේ වනවිට නාගරික මන්ත්‍රී ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටින අතර ඔහු පිළිබඳව වැඩි දුර විමර්ශන පවත්වනු ලබයි‍.

සැකකාර කාන්තාව ලබන සඳුදා (23) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වරකාපොළ මහේස්ත්‍රාත් නියෝග කර ඇත.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here