රට පුරාම වෙසක් සැමරීමට සූදානම්

0
5


ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. 

“කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ ඊයේ දිනයෙන් ආරම්භ වුණු රාජ්‍ය වෙසක් මහෝත්සවය ලබන 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

ඊට සමගාමීව දිවයින පුරා විවිධ වැඩසටහන් හා වෙසක් සැරසිලි මේ වන විටත් සූදානම් වෙමින් පවතිනවා. 

මේ, වෙසක් උත්සවයේ සූදානම පිළිබඳ තොරතුරු ගෙන එන මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

Neth Sound · COR KAMAL 01

ගාල්ල දිස්ත්‍රික්කයේ වෙසක් සූදානම පිළිබඳ සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

Neth Sound · COR RAVINDRA 01

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින වෙසක් සූදානම පිළිබඳ තොරතුරු ගෙන එන්නේ නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ.

Neth Sound · COR PALITHA 01


වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් හෙට සහ අනිද්දා යන දෙදින බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවා.

Neth Sound · GAMINI 02

මේ අතර මෙරට පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ “වන්දනම්” ථේරවාදී බෞද්ධ වනිතා භික්ෂු සංවිධානයේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. 

ඉන්දුනීසියාවේ ප්‍රධාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිව් නමක් සහ එරට ථේරවාදී බෞද්ධ වනිතාවන් 58 දෙනෙකු ද මෙම පිරිසට අයත් වූ බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ. 

මෙම පිරිස ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දරන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

එම දූත පිරිස, වෙසක් උත්සවයට සමගාමීව කොළඹ, මහනුවර, අනුරාධපුර, සීගිරිය, හබරණ, දඹුල්ල සහ පින්නවල යන ප්‍රදේශවල ඇති වෙසක් උත්සවවලට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here