රට තුළ යළි ජාතිවාදයට කිසිදු ඉඩක් නැහැ – ජනපතිගෙන් සහතිකයක්

0
15


අපේ මව්බිම තුළ යළි කිසිදු දිනක ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සියලු ආගම් ඇදහීමේ ජනතා අයිතිය තහවුරු කිරීමට රජය බැඳී සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් කින්නියා ප්‍රදේශයේදී පැවැත්වුණා.

කින්නියා ජන රැළියට එක්වූ ජනාධිපතිවරයාට එහිදී හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්.

ජය නියතයි- ගම අපටයි යන තේමාවෙන් සංවිධාන කළ මෙම රැළියට අති විශාල පිරිසක් එක්ව සිටියා.

ජාතික ජනබලවේගය නියෝජනය කරන කිහිප දෙනෙකු ද මෙම ජන රැළිය ඇමතුවා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කලේ ජාති ආගම් කුල භේද අතහැර සියලු දෙනා එක්වී රට ගොඩනැගීම සදහා ක්‍රියා කළ යුතු බවයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here