රට තුළ ඉන්ධන හිඟයක් නෑ – නියෝජ්‍ය ඇමති අර්කම් – Saru News | සිංහල

0
2

රට තුළ අවශ්‍ය තරම් තෙල් සංචිත පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති නියෝජ්‍ය ඇමති ඉල්යාස් අර්කම් පවසයි.

ඒ අනුව මාසයකට වඩා වැඩි කාලයකට අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බවත්, අනවශ්‍ය ලෙස කලබලයට පත් වී ඉන්ධන ලබා ගැනීම හරහා ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතාව වැඩිපුර ඉන්ධන එක්රැස් කිරීමට කටයුතු කළහොත් QR ක්‍රමවේදයට යාමට සිදු වන බවද බලශක්ති නියෝජ්‍ය ඇමති ඉල්යාස් අර්කම් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here