රට ගිය අය එවන සල්ලි වැඩිවෙලා

0
16

මේ වසරේ (2025) පළමු මාස හතේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආදායම ගිය වසරේ (2024) පළමු මාස හතට සාපේක්ෂව සියයට 19.5කින් ඉහළ ගොස් ඇත.

මේ අනුව ගිය වසරේ (2024) පළමු මාස හතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3710.8ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2025) පළමු මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4435.2ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අතර 2025 ජූලි මාසයේදී විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2020 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 697ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here