රට අර්බූදයෙන් ගොඩගන්න සජිත් ජාත්‍යන්තර සහාය ගන්න සූදානම්! අද ඉතාලි තානාපතිවරයාත් හමුවුණා! VIDEO I Sri Lanka Latest News

0
12


ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා සහ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ආචාර්ය අල්බර්ටෝ ආර්චිඩියකෝනෝ මහතා සමඟ සුවිශේෂී හමුවක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයේ දී පැවැත්විණ.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා තැබූ පණිවුඩයේ මෙසේ දැක්වේ.

ශ්‍රී ලංකාව ඉතාලිය සහ යුරෝපය පිළිබඳ අප රටක් ලෙස තවදුරටත් කරුණු කාරණා ගවේෂණය කළ යුතු බව මෙහි දී අවබෝධ විය. මක්නිසාදයත් එම රටවල් තුළ තවමත් උපයෝගී කර නොගත් විභවයන් සහ නව අවස්ථා පවත්නා බැවිනි. අපගේ කර්මාන්ත තුළින් වටිනාකම් ගොඩනගන්නේ නම් ලෝකය අපට සහාය දීමට සූදානම් බව මෙහි දී ප්‍රත්‍යක්ෂ විය. දේශපාලනයට ඉහළින් අපගේ ආර්ථිකය යළි පණගැන්වීම ප්‍රමුඛතාගත කළ යුතුව පවතින අතර එය ජාතික මෙහෙවරක් වේ. ඒ සඳහා සමගිය, දැක්ම සහ සබුද්ධික හා සුහුරු හවුල්කාරිත්වයන් ද රටක් ලෙස අපට අවශ්‍ය වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here