රටින් පැන්න 192කට රෙඩ් ලයිට්! Sri Lanka Latest News

0
11


ශ්‍රී ලංකාව තුළ සිටියදී මූල්‍ය වංචා මෙන්ම විවිධ නීති විරෝධී ක්‍රියා ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදුකොට රටින් පැනගොස් විදේශ රටවල සැඟව සිටින පුද්ගලයන් 192ක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා රතු නිවේදන නිකුත් කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News

එම සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධකරුවන් 66 දෙනකුද සිටින බව ඔහු සඳහන් කළේය.

මෙහිදී සංවිධානාත්මක අපරාධ සිදුකොට රටින් පලාගොස් රුසියාවේ සැඟව සිටියදී එරට පොලිසියට කොටුවී ඇති අමිල නමැති සැකකරු මෙරටට රැගෙන ඒම පිළිබඳ ජාත්‍යන්තර පොලිසිය හරහා රුසියානු පොලිසිය සමග සාකච්ඡා කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

අදාළ සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් යැවීම පිළිබඳවද ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇතත් එය දැනට සාකච්ඡා මට්ටමේ පවතින බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

දැනට මාස කීපයකට පෙරද ජාත්‍යන්තර පොලිසිවලට හසුවූ අපරාධකරුවන් කීපදෙනකු ජාත්‍යන්තර පොලිසිවල ආරක්ෂාව මත මෙරටට රැගෙන එන ලදී.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here