රටවල් 35 ක ඉහළ පෙළේ මාධ්‍ය නියෝජිතයින් නොවැම්බරයේ ශ්‍රී ලංකාවට

0
2

දේශගුණික ක්‍රියාමාර්ග හා ආපදා වැළැක්වීම පිළිබඳ ආසියා හා ශාන්තිකර කලාපීය 09 වන අන්තර්ජාතික මාධ්‍ය සමුළුව නොවැම්බර් මස 25, 26 හා 27 යන දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ආසියා හා ශාන්තිකර කලාපීය විකාශන සංගමය (Asia Pacific Broadcasting Union – ABU) සංවිධානය කරන සමුළුවට සත්කාරකත්වය සපයන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි.

නියෝජිතයින් 200 දෙනෙකුගෙන් පමණ සමන්විත වසරේ විශාලතම අන්තර්ජාතික මාධ්‍ය ඉසව්ව ලෙස සැලකෙන මෙම සමුළුව පැවැත්වීම සඳහා ගල්කිස්ස මහ හෝටලය තෝරාගෙන තිබේ. ආපදා අවදානම් අවම කිරීමට හා දේශගුණික ක්‍රියාමාර්ගයන්ට අදාළ එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන, අන්තර් ජාතික සංවිධාන, කලාපීය මාධ්‍ය ආයතන, සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් 75 කට ආසන්න විදේශීය විද්වතුන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. එම පිරිස අතරට කලාපයේ දැවැන්ත මාධ්‍ය ආයතන ලෙස සැලකෙන ජපානයේ NHK, චීනයේ CMG, ඉන්දියාවේ Doordarshan, ඕස්ට්‍රේලියාවේ ABC, තුර්කියේ TRT හා මැලේසියාවේ RTM ඇතුළු රටවල් 35 ක පමණ ජාතික මාධ්‍ය ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයින් ද ඇතුළත්ය.

දේශගුණික ක්‍රියාමාර්ග හා ආපදා වැළැක්වීම යන ක්ෂේත්‍රවලට සම්බන්ධ මෙරට ආයතන, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන මෙන්ම ” ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ” ද පාර්ශවකරුවන් ලෙස සමුළුවට එක් වීමට නියමිතව තිබේ.
ආපදා හා දේශගුණික විපර්යාස බලපෑම් වලින් මෙරට ජනතාව ආරක්‍ෂා කර ගැනීමේ හා කලාපීය මාධ්‍ය සහයෝගීතාවය
ශක්තිමත් කරලීමේ ජාතික වගකීම ඉටු කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙම සමුළුවට සත්කාරකත්වය සැපයීමට
ඉදිරිපත්ව සිටී.

 ” පිවිතුරු, හරිතවත් හා සුරක්ෂිත හෙට දවසක් උදෙසා මාධ්‍ය ශක්‍යතා සංවර්ධනය ” (Building Resilience
Through Media For a Cleamer, Greener & Sufer Tomorrow) එහි තේමාවයි. සමුළු ලාංඡනය ,වෙබ් අඩවිය හා
ප්‍රචාරක අනුරුව එළි දැක්වීමේ උත්සවය අද ( 30)  ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්විණ.
ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 14 ක ජීවිත 227 000 කට පමණ මරු කැඳවමින් 2004 වසරේ ඇති වූ ඉන්දියානු සාගර කලාපීය සුනාමි තත්වයෙන් පසුව මාධ්‍ය ආයතන අතර මෙවැනි සහයෝගීතාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඉස්මතු විය.
ඒ කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ ABU ආයතනය 2014 වසරේදී එක්සත් ජාතීන්ගේ සහයෝගය ඇතිව මෙම
සමුළුව ආරම්භ කළේය.
සමුළුව මෙරට පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාමාර්ග හා ආපදා අවදානම් පිළිබඳ ගෝලීය අවධානය
යොමු කිරීම මෙන්ම තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂිතය. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here