රටම වෙසක් සිරියෙන් බැබළෙයි

0
2


සම්බුදු වෙසක් තෙමඟුල සිහිකරමින් දිවයින පුරා මේ වන විට විවිධ පිංකම් පැවැත්වෙනවා. 

අද උදෑසන කාලයේ පටන් එම පිංකම් පැවැත් වුණේ ආමිසයට මෙන්ම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින්. 

වෙසක් කලාප මෙන්ම දන්සැල් රැසක් ද සංවිධාන කර ඇති අයුරු දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ වාර්තා වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මාතර ප්‍රදේශයේ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදු කෙරෙන පිංකම් සහ සැමරීම් පිළිබඳ තොරතුරු මාතර නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්දගෙන්.

Neth Sound · COR TK 01

කළුතර ප්‍රදේශයේ තොරතුරු ගෙන එන්නේ නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි.

Neth Sound · COR SAMSAN 01

වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරු පළාතේ ද වෙසක් කලාප සංවිධානය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ, වව්නියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය. 

Neth Sound · COR MADAWA 01

පුත්තලම දිස්ත්‍රික්කයේ ද වෙසක් අසිරිය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්තගෙන්.

Neth Sound · COR JUDE 01

මේ අතර වෙසක් සමය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන දන්සැල්වලින් බැහැර කරන කැළිකසල නිසි පරිදි බැහැර කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ දිනවල ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බැවින් කැළිකසල බැහැර කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here