රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
මෙම ජාතික මෙහෙයුම යටතේ ඊයේ (03) දිනයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස 1002කි.
පොලීසිය පැවසුවේ එහිදී එක් අයෙකු සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවත්ය.
තවද මෙම මෙහෙයුම් යටතේ සැකකරුවන් 11 දෙනෙක් රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර තවත් පුද්ගලයින් සිව් දෙනෙකු පුනරුත්තාපනයටද යොමු කර තිබේ.
මේ අතර අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ දිනයේදි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් 557ක් සැකපිට අත්අඩංගුවට ගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ.
එම මෙහෙයුම යටතේ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනෙකු හඳුනාගෙන ඇතැයිද වරෙන්තුකරුවන් 177 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 114ක් අත්අඩංගුවට ගැනීමටත් පොලීසිය මෙහිදී කටයුතු කර තිබේ.
තවද මෙම මෙහෙයුම මගින් බීමත් රියදුරන් 136 දෙනක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 87 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මීට අමතරව රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,956කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග මෙම මෙහෙයුම යටතේ ගත් බවය.
Media on 2026.04.04 පැය 1120 විශේෂ මෙහෙයුම් වාර්තාව by poornima
Saru News













