මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත් ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධයන් සිදු වන බව ද නිරීක්ෂණය කරනු ලැබ ඇති බව රජය පවසයි
ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන් ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, එකී ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කෙරේ.
Saru FM Media