රටට වන බලපෑම ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්

0
11


අමෙරිකානු නව තීරු බදු ක්‍රමය පිළිබඳ රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, පනවන ලද නව තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහායි.

ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්යාංාශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන් එම කමිටුවට අයත්.

ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරු ද මෙම කමිටුව සඳහා පත් කර තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here