රජ වෙන්න පුළුවන්ද බලන්න විපක්ෂයේ අය පෝලිමට ඉන්දියාවට

0
15

දේශපාලනඥයන් රැසක් තමන්ට රාජයෝග ඇත්දැයි පරීක්ෂා කරවා ගැනීමට පසුගිය දිනවල දෙස් විදෙස් නක්ෂත්‍රවේදීන් පිරිසක් රහසිගතව මුණගැසී ඇතැයි වාර්තා වේ.

වැඩි පිරිසක් මේ සඳහා ගොස් ඇතැයි පැවසෙන්නේ ඉන්දියාවටය.

විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු පසුගිය සතියේදී ඉන්දියාවට ගොස් රාජයෝගයක් ඇත්දැයි පරීක්ෂා කරවා ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ද දේශපාලන පක්ෂ සන්ධාන ගණනාවක් පිහිටුවීමට නියමිතව ඇති හෙයින් ද එහි මූලික පියවරක් ලෙස එම පිරිස මෙසේ හඳහන් පරීක්ෂා කරවාගෙන ඇති බව දැනගන්නට තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here