රජරට රැජිණගේ ගැටුණු පදිකයා වේදිකාවෙන් රේල් පාරට – කකුළක් හා අතක් වෙන් වෙයි

0
15


මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (15) පෙරවරු 11.30ට පමණ මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ අම්බලන්ගොඩ – කන්දෙගොඩ දුම්රිය ස්ථානයේ දියි.

තුවාලකරු දුම්රිය ස්ථානයේ වේදිකාව මත ගමන් කරමින් සිටියදී ඔහු ශීඝ්‍රයෙන් ධාවනය වෙමින් ආ රජරට රැජිණේ ගැටී තිබෙනවා.

දුම්රියේ ගැටුණු පුද්ගලයා වේදිකාව සහ දුම්රිය රේල් පාර අතරට ඇද වැටී ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේ දී ඔහුගේ වම් අත සහ වම් පාදයේ කොටසක් දුම්රියේ රෝදවලට යට වීමෙන් ශරීරයෙන් ගැලවී ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් එක් ව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා අසාධ්‍යය තත්ත්වයේ පසු වූ තුවාලකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

තුවාලකරු අම්බලන්ගොඩ – කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here