ඇමැති විිජිත හේරත් ජිනීවා සැසි වාරය ඊයේ අමතමින්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් olker Turk මහතා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානවහිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානවහිමිකම් කවුන්සිලය වෙත භාර දී ඇත.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවන බවට රජය නිල වශයෙන් මානවහිමිකම් කවුන්සිලය වෙත දැනුම් දී ඇත. එම පිළිතුරේ මෙසේ ද දැක්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාශය පවසයි.
“බාහිර මැදිහත් වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නයන්ට බාධාවක් ලෙස සහ ජනගහනය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතුවන බව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි. එබැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවේ.
ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු බෙදීමක් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ස්වකීය ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එය භුක්ති විඳින රටක් කරා කටයුතු කිරීමට රජයට ජනවරමක් ලැබී ඇති අතර ඒ සඳහා දැඩි ලෙස හා අවංකව රජය කැපවී සිටී. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ පරම අධිෂ්ඨානයක් සේ සලකා කටයුතු කරයි.
එනයින් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාන්විතයක් තුළින් ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය සාදරයෙන් පිළිගනිමින් අගය කරමු.”
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media