රජයේ ඉඩමකට හොර ඔප්පු හැදූ මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු 06කට අධි චෝදනා බාරදෙයි… – Saru News | සිංහල

0
3

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමකට කූට ලේඛන සකස් ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට අද (27) ගම්පහ මහාධිකරණයේදී අංක 02 මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ අධි චෝදනා භාර දී තිබේ.

විත්තිකරුවන්ට අධි චෝදනා භාර දීමෙන් අනතුරුව සියළු දෙනාගේම විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කර ඇත.

එක් විත්තිකරුවකුට රුපියලේ ලක්ෂ 10 බැගින් වූ අමතර ශරීර ඇපයක්ද අධිකරණයෙන් නියම කරමින් ඔවුන් මුදා හැර තිබේ.

මෙලෙස අධි චෝදනා ලැබ ඇප මත මුදා හැරුණු අනෙක් සිව්දෙනා වන්නෙ නවීන් වීරකෝන්, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස කටයුතු කළ සරත් කුමාර එදිරිසිංහ නොහොත් ‘සිංගප්පූරු සරත්’ යන අයවලුන්ය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here