රගර් සහ බේස්බෝල් වෙනුවෙන් බහිරව බලපෑම්

0
2


නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

බහිරවයා යම් තැනකදී ලැබෙන දොල් පිදේනිවලට අනුව සීමාවට පත්වන බව අසා ඇත.එහෙත් අපට සමහර ක්‍රීඩා කේෂ්ත්‍රවල හමුවන පිරිස් එසේ සීමාවට පත්වන එය අත්පත් කර ගෙන සිටින්නට කැමති සහ අත්පත් කර ගන්නට උර දෙන බහිරව ලක්ෂණ පෙන්නුම් කරන්නෝය.
මේ මොහොතේ එක අතකින් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩකයන්ට අනගි අවස්ථාවක් ලැබී ඇත.එහෙත් එම අවස්ථාව මැණික් සහිත පතලක් කර ගනිමින් කනින්නට වෙනම් පිරිසක් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ.මේ තත්ත්වය සම්බන්ධයෙන් තරගාවලියට අදාළ විගනනයක් කරන්නට විෂය ප්‍රවීනයෙකු වූ ක්‍රීඩා අමාත්‍ය වරලත් ගණකාධිකාරි සුනිල් කුමාර ගමගේට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.එහෙත් මේ සිඳුවන දෙයට කුරේමය හුරේ දැමීමකින් ක්‍රීඩා අමාත්‍යවරයා යම් ආකාරයකින් යට කර තිබෙන බවට පැතිර යන කතාවල සත්‍ය අසත්‍යභාවය ඉදිරියේදී දැක ගන්නට ලැබෙනු ඇත්තේ තරගාවලියේ වියදම් සම්බන්ධයෙන් සිඳු කරන විගනනයකින්ය.

මෙහි හැඩම කතාව එන්නේ අමාත්‍යවරයා රාජපක්ෂවරුන්ට පහර දෙන්න භාවිතයට ගන්නා පවුම් 50000 දඩ කතාවේය.එහි සම්බන්ධ පිරිස් වන වත්මන් ක්‍රීඩා ජාතික සභාවේ උපදේශකයා එම පරිපාලනයේ ප්‍රධාන විධායකයා විය.ඔහු පමණක් නොව එහි සභාපතිවරයා වූ පුද්ගලයාද මේ නවසීලන්තයට එරෙහිව සටනේ සිටියි.ඔහු පළමු තරගයෙන් පසුව හිටපු ප්‍රීදාන විධායක සහ වත්මන් ජාතික ක්‍රීඩා සභා සභාපති ද නම් කර සිය මුහුණු පොතේ තබන සටහන ඇමතිවරයා නාමල්ට පමණක් සැරවීමේ බොරුව එළියට ගෙනෙන්නේය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්නම් දේශපාලන ලොකු කම් ඉදිරියේ හොඳටම කොඳු නැමී හිරබත් කෑවත් සැපයි සර් කියන මට්ටමේය.ඔහුට තනතුරු සම්බන්ධයෙන් ආශාවක් මිස මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නැත.දැන් නවසීලන්ත තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයට එන තැන සිට ප්‍රශ්නය.ඒවා නම් කරන්නේ ශ්‍රී ලංකා රගර් කාර්යාලීය සේවකයින් නොවේය.එයට වෙනම අය යොදා ගන්නා බව පොදු වට්ස්ඇප් අවකාශයේ සඳහන් වන්නේ රගර් පරිපාලනයේ කාර්යාලිය සේවකයන් ඉලක්ක කරමින් ලියා තබන සටහන් අනුව ඔවුන් දෙන පිළිතුරු අනුවය.

ඉහතින් සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රොෂාන් රණසිංහ ඇමතිවරයා පත් කළ අමුතු අන්තර්වාරණ කමිටුව සමඟ එක් වී දැන් අනුග්‍රහය සම්බන්ධයෙන් වගකීම පවරා ඇති හංස සිංහවංශට එරෙහිව අධිකරණයට යන තත්ත්වයට ආවේය.දැන් ඔහු ඔහුට අවශ්‍යය වෙලාවට තරගයට ආරාධානා පත්‍රය දෙන තරමට අධ්‍යක්ෂ ජෙනරාල් හෑල්ලු කර කටයුතු කරනවා පමණක් නොව පොදු හමුවලදී ඒවා හාස්‍යයට නංවමින් තලු මරන්නේය.හැබැයි අමාත්‍යරයා ද කියන පරිදි රගර් පරිපාලනය කරන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ අමාත්‍යංශය ය.

දැන් සිංහවංශලා මේ වැඩේට එන්නේ ශෙමාල්ලා අඳ ගොළු බිහිරි තත්ත්වයට පත් කරමින්ය.අමාත්‍යවරයා ද පත් වී බොහෝ කලක් යන තෙක් අග්‍රාමාත්‍යතුමිය තාවකාලිකව ක්‍රීඩා ඇමතිකම දරන මොහොතේ පත්කර ගත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුර පත් නොවුණු අතර පසුව එය පත් වූ ආකාරය අප මීට පෙරද මේ ලිපියේද කියා ඇත.මේ නිසා සමහර විට අමාත්‍යවරයාට වුව ආරාධනා පත්‍රයක් නොලැබෙන්නට ඇති ඉඩ වැඩිය.

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් දෙදෙනෙක්ම මේ තරගාවලියේ පිටුපස බලවත්ව සිටිති.එය වට්ස්ඇප් මාධ්‍ය සාකච්ඡාවල මාධ්‍යකරුවන්ට වන අසාධාරණකම් ගැන ඔවුන්ගේ විවේචනවලින් වලකින්න රගර් කාර්යාලීය සේවකයින් පවසා ඇත.එය වඩාත් හොඳට කරන්නට පිටතින් වගකීම භාරගත් පුද්ගලයා එම සංවාදයට පසුව පවසන්නේ යම් සැළසුමක් ඇති බවත්,එහෙත් වැඩ කර ගන්නට මේසයක්වත් දිය නොහැකි බවත්ය.මේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්නේ නැත.ඔහුට තියෙන්නේ මඩේ හිටවපු ඉන්න වගේ ඒ පුද්ගලයින් කරන දේවලට වැනෙන්නටය. හෙට ඔහු එනු ඇත.ඇමතිවරයා සමඟ ඡායාරූප විශාල ප්‍රමානයක් ගනු ඇත.එපමණකින් සෑහෙන්නේය.ඒ ලංකාවේ වත්මන් රගර් පාලකයා සරලව මාධ්‍යකරුවන්ට මේ ඓතිහාසික අවස්ථාව ආවරණය කිරිමට දෙන හැටිවත් දන්නේ නැත.

මැක්කාගේ කතාව කියනාකාරයට හැම විටම කීවද, පවුම් 50000 අපරාධයට දායක වූවන්ට දඬුවමක් අද වන තෙක් නැත.දැන් වෙමින් පවතින්නේ ඔවුන්ව ඉහළින් තබා ගෙන රගර් නාමල්ලාගේ කාලයටත් වඩා හොඳින් ඔවුන්ගේ අණසක යටතේ ක්‍රියාත්මක වීමය.දඩුවමක් නොලැබුණු නිසා අද වන විට පවුම් 50000 සිඳුවීමට වගකිව යුතු සභාපතිවරයා දැන් බේස්බෝල් සභාපතිය.

මේ මොහොතේ ඉරානයේ පැවත්වෙන බේස්බෝල් තරග සංචාරයකට ශ්‍රී ලංකාවට සහභාගිවීමට ලැබෙන්නේ නැත.ඒ 2025 මැයි 12 වෙනිදා පැවැත්වෙන වෙස්ට් ඒසියා බේස්බෝල් ශූරතාවලියය.යන්නට නොහැකි වන්නේ කල් ඇතුව ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය අවශ්‍යය කටයුතු සඳහා තොරතුරු ලබා නොදීම නිසා බව අමාත්‍යවරයාගේ සමීප නියෝජිතයෙක් වගකීමෙන් අප වෙත පැවසීය.
සමහර විට අමාත්‍යවරයා මේ පරිපාලනයේ මුල් පුටුව හොබවන්නේ පවුම් 50000 සිඳුවීමේ සභාපති බව නොදන්නවා ඇත.ඔහුට මේ මොහොතේ ඇමතිවරයා අල්ලාගෙන තමන්ට යළි රගර් පරිපාලනයට එන්නට හැකි විදිහට ව්‍යවස්ථාව සකස් කර ගැනීමේ උවමනාව මිස වෙන යම් දෙයක් නැත.මන්ද ඔහු මෙන්ම ඔහුට පසුව සිටි පරිපාලනය ද වියදම් සනාත කර නැති රගර් හී ණය මිලියන 55 ක් කළ බව රගර් කේෂ්ත්‍රෙය් සියල්ලෝ දනිති.දැනටත් සැකයට භාජනය වී ඇති,එම සැකය දුරු කරනු පිණිස අමාත්‍යවරයාට ඉහළින් බලපෑමක් නැත්නම් විගනනයක් කරන ලෙස අප ඉල්ලා සිටින්නෙමු.

බේස්බෝල්වලට සම්බන්ධ එම සභාපතිවරයා පමණක් නොව,ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ද ඊට සම්බන්ධව සිට ඇත.ඔහු කලෙක බේස්බෝල් හී ද ප්‍රධාන විධායකයා විය.පවුම් 50000 සභාපතිවරයාගේ සටහන අනුව එහි විධායක නිලධාරියා සමඟ එකට සිටින බව පැහැදිළිය.එසේම ඔහු ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාද වන බැවින් ඔහු හරහා කල්තියා මේ කරුණ ගැන අමාත්‍යවරයා සහ අමාත්‍යංශය දැනුවත් කරන්නට තිබිණ.එහෙත් අමාත්‍යවරයාගේ පැත්තෙන් ඇසෙන්නේ මැයි 8 දා වන තෙක් අදාළ ලිපි ලේඛණ බේස්බෝල් සංගමය භාර දී නැති බවය.ඒ ඔවුන් රගර් ක්‍රීඩාව ගැන මෙන්ම බේස්බෝල් ක්‍රීඩාව ගැන ද දක්වන ආදරයේ හැටිය. ඔහු රගර්වලට කළ හරිය මෙන්ම බේස්බෝල්වලට කරන මේ දෙයද අජූතය.එහෙත් ලොක්කන්ට කිසිවක් කියන්නට බැරි විදිහට සියලු අදහස් පිටතට ගලා නොයන්නට පූට්ටු කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here