රක්ෂිත බන්ධනාගාරගත කළ නීතිඥවරිය මුදාහරින ලෙස නියෝග

0
15


අධිකරණයට අපහාස කලේයැයි පුත්තලම මහාධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ නීතීඥ එස් ඒ පී උදයංගනී වහාම මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසුරිය මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

මෙසේ මුදාහල නීතීඥ එස් ඒ පී උදයංගනීට අප්‍රේල් මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණා.

ඉකුත් 28 වනදා ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණය හමුවේ පෙනී සිටි මෙම නීතීඥවරිය අධිකරණය අපහාස කළ බවට චෝදනා කරමින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇය ඇප මත මුදා හැර තිබුණා.

එහෙත් එදින ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇය රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පෙත්සමේ සදහන් වන්නේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here