රංගන ශිල්පිණි සේමිණි, තමන් අත්අඩංගුවට ගත් හේතුව පහදයි

0
3


මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

වැලිකඩ පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. 
 

පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක  ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු හතක් නිකුත් කර තිබෙන බවයි. 

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු හතරක්ද, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු දෙකක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බවයි පොලීසිය එහිදී සඳහන් කළේ. 
 

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවයි. 
 

මෙහි ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවාදායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත් එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන තිබෙන බවත් නීතිඥවරුන් විසින් දැනුම් දුන්නා.
 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි නියෝග කළේ. 

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හතරට අදාළව මුදල් ගෙවීම් සිදුකළ වාර්තා ලබන 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට නියෝග කළා.
 

මේ අතර, ඇප ලැබීමෙන් අනතුරුව රංගන ශිල්පිණී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

Neth Sound · SHEMINI 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here