යෝෂිත ගෑවුණු නයිට් ක්ලබ් ගැටුමේ සැකකරුවන් භාරවෙයි

0
10


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නමද ඈදුණු රාත්‍රී සමාජ ශාලා ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරවී තිබෙනවා.

පසුගිය දා මෙම ගැටුම ඇති වූයේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකයි. 

ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ඊයේ කොම්පඤ්ඤ වීදිය පොලීසිය පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

එම ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here