ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යෝෂිත රාජපක්ෂ ඇතුළත් කිරීම සඳහාම බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් පහත හෙළූ ආකාරයට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට බඳවා ගැනීමේ අවම සුදුසුකම්ද චමින්ද කුමාර කුලරත්න වෙනුවෙන් පහත හෙළා ඇති බව අනාවරණය වේ.
එම තනතුරට බඳවා ගැනීම සඳහා සම්පූර්ණ කර තිබිය යුතු මූලික අධ්‍යාපන සුදුසුකම් ගණනාවක්ම පවතී. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් නීතිවේදී උපාධි ධාරියෙකු ලෙස සමත් වී තිබීම, සහ වෘත්තීය සුදුසුකම් ගණනාවක් ඒ අතර පවතී. වෘත්තීය සුදුසුකම්වලට අදාළ ප‍්‍රධානම කොන්දේසිය වී තිබෙන්නේ අවම වශයෙන් වසර 10ක ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කර තිබීමය.
එමෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ පිළිගත් විධ්මත් ආයතනයක මානව සම්පත් කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, ව්‍යාපාර කළමනාකරණය, වැනි කුමන හෝ ක්ෂේත‍්‍රයක ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක වගකීම් අවම වශයෙන් වසර 10ක් සම්පූර්ණ කර තිබිය යුතුය.
මීට අමතරව පශ්චාත් උපාධියක් ලබා තිබීම, නීතිපති දෙපාර්තමේන්තුවේ පලපුරුදු නිලධාරියෙකු වී තිබීම, ව්‍යාවස්ථාපිත නීතිය පාර්ලිමේන්තුවේ කටයුතු ආදිය පිළිබඳව මනා දැනුමක් තිබීම, රජයේ පරිපාලන මෙන්ම මුදල් රෙගුලාසි පිළිබඳ අවබෝධයක් තිබීම, සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකම් වශයෙන් පිළිගෙන ඇත.
එහෙත් චමින්ද කුමාර කුලරත්න මෙම තනතුරට පත්වීම සඳහා අදාළ මූලික අධ්‍යාපන සුදුසුකම් කිසිවක් සම්පූර්ණ කර නැති අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට දේශපාලන තනතුරු දැරීම පමණක් සිය සුදුසුකම් ලෙස ඉදිරිපත් කර තිබේ.
අවම වශයෙන් ඔහු සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් හෝ ලබාදීමට සමත් වී නැත.
1
Saru News








