අපි බොහෝ දෙනෙක් එළිපිට කතා කරන්න මැලිවෙන යෝනි ශ්‍රාව තුලින් කාන්තාවන්ගේ සෞඛ්‍යයමත් භාවය ගැන බොහෝ ඉගි ලබා ගන්න පුලුවන් බව ඔබ දන්නවද? . ඒ නිසා නීරෝගීමත් බව ගැන සැලකිලිමත් වන කාන්තාවන් වන අප නිරන්තරයෙන්ම මේ සම්බන්ධව අවදානයක් යොමු කල යුතුමයි. ඉතින් මේ ලිපිය ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්නයි.
අනෙක් සිරුරේ සිදුවන සාමාන්‍ය ශාරීරික ක්‍රියාවලියක් ලෙසම ඉතාම ස්වාභාවිකව සිදුවන ක්‍රියාවක් වෙන මේ යෝනි ශ්‍රාව පිටවීම ගැන කතා කරන්න කාන්තාවන් ලැජ්ජාශීලි වෙනවා.
හැබැයි මෙහිදි සිදුවන අසාමාන්‍ය තත්වයන් ගැන කතා කල යුතු කාරණාත් තියනවා.යෝනි ශ්‍රාව වල ස්වරූපය හැමවිටම සාමාන්‍ය වන්නේ නෑ.සමහර පිලිකා හෝ ආසාදන තත්වයන් වල ලක්ශණයක් විදියට මේ යෝනි ශ්‍රාව වල වෙනස්කම් අපිට හඳුනගන්න පුලුවන්.ඉතින් එම රෝග ගැන කලින්ම හදුනා ගන්න පුලුවන් යෝනිශ්රාව ගැන ඔබ අවදානයක් යොමු කිරීම ගොඩක් වැදගත් නේද?
යෝනි ප්‍රදේශය නිරෝගිව තබන සාමාන්‍ය ශාරිරික ක්‍රියාවක් තමයි මේ යෝනි ශ්‍රාව කියන්නේ.මේක කාන්තාවගෙන් කාන්තාවට සුවිශේෂි වෙනවා.ලිංගික උත්තජේනයකදි වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් ඔබේ යෝනි මාර්ගය අසල තෙත්වීම ස්වාභාවිකයි.නීරෝගී යෝනි ශ්‍රාව අවර්ණ වෙන අතරම එය දියරමය ස්වභාවයක් ගන්නවා.
පැහැදිලි හා දියරමය ශ්‍රාව
ක්‍රීම් ස්වභාවයේ ශ්‍රාව
බිත්තර සුදු මද ආකාරයෙ ශ්‍රාව
ඔබ පිළිසිඳ ගැනීමකට සැලසුම් කරනවා නම් මේ ස්වභාවයේ ශ්‍රාව ඔබට උත්සාහ කිරීම ආරම්භ කිරීමට හොඳ කාලයක් බව ඉඟි කරනවා.මොකද මෙම වර්ගයේ ශ්‍රාව ගුණාත්මක ශුක්‍රාණු වලට ගර්භාෂයට ඇතුළු වීමට පහසු මාර්ගයක් නිර්මාණය කරනවා.
ලිහිසි ශ්‍රාව
ඩිම්බ මෝචනය ආරම්භ වීමට දින කිහිපයකට පෙර, ඔබේ ශ්‍රාව තරමක් ලිස්සන සුළු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආකාරයේ යෝනි ශ්‍රාව ඔබ දකින අවසාන දිනය මාසයේ වඩාත්ම සාරවත් දිනයයි.
සුදු පැහැ ශ්‍රාව
මෙය සාමාන්‍ය යෝනි ශ්රාවයක් වන අතර ඔබේ මාසික ඔසප් චක්‍රයේ ආරම්භයේ හෝ අවසානයේ සුදු ශ්‍රාව මද වශයෙන් පිටවීමක් ඔබට දකින්න පුළුවන්.
සුදු පැහැති ශ්‍රාව ,දුර්ගන්ධය,දරුණු කැසීමක් හෝ අපහසුතාවයක් ඇති වුවහොත් ඔබට ආසාදන හඳුනාගන්න පුළුවන්. එවිට වහාම ප්‍රතිකාර වලට යොමුවෙන්න ඔබ සැලකිලිමත් වන්න
ගැබ් ගෙල පිළිකා
මෙහිදී දුඹුරු හෝ ලේ සහිත ශ්‍රාව පිටවෙනවා ඔබට දැකගන්න පුලුවන්. එවිට ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් වලට යොමු වීම වැදගත්
ඔබේ ඔසප් වීම අවසන් වූ වහාම, දුඹුරු ශ්රාවයක් පිටවෙනු ඔබට දකින්න පුළුවන්.එය සාමාන්‍ය යෝනි ශ්‍රාවයකි. එය ඔබගේ ඔසප් වීමෙන් පසු ඔබේ ගර්භාෂය පිරිසිදු කිරීමේ ක්‍රමයක් වෙනවා.
ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පවත්වා ඇතිනම් දුඹුරු හෝ ලේ සහිත යෝනි ශ්රාවයක් පිටවීම ඔබ ගැබ් ගෙන ඇති බවට සලකුණක් වෙන්න පුළුවන්.
ඒ වගේම මෙවැනි ශ්‍රාව අධික ලෙස පිටවෙනවා නම් ගබ්සා වීමක් පෙන්නුම් කරන්නත් පුලුවන්. මේ අවස්ථා දෙකේදීම නිසි පරීක්ෂාවක් ලබා ගැනීම සඳහා ඔබ වෛද්‍යවරයෙකු හමුවීම වැදගත්
ට්‍රයිකොමෝනියාසිස්
මෙහිදි කහ පැහැ යෝනි ශ්‍රාව පිටවෙනවා.සාමාන්‍යයෙන් මෙම ශ්‍රාව ඝන සහ පිළි දුර්ගන්ධයකින් යුක්ත වෙනවා.
ඒ වගේම යෝනි ප්‍රදේශය ආශ්රිත දැවිල්ලක් හා කැසීමක් ඇතිවෙන්නත් පුලුවන්
ඒ වගේම කහ ශ්‍රාව පිටවේ නම් එය ආසාදනයක ලක්ශණයක් වෙන්නත් පුලුවන්.
අභ්‍යන්තර ආසාදන
මෙහිදී යෝනි ශ්‍රාව අසාමාන්‍යයි වගේම අධික දුර්ගන්ධයකින් යුක්ත වෙන්න පුලුවන්. එය බරපතල අභ්‍යන්තර ආසාදනයක ලකුණක්.
මෙම වර්ගයේ යෝනි ශ්‍රාව ඔබ දුටුවහොත්, ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවෙන්
ගොනෝරියා සහ ක්ලැමීඩියා
මේවා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වන අතර මෙහිදී යෝනි ශ්‍රාව කහ ,කොළ හෝ වලාකුලු සහිත පැහැයකින් දක්නට පුලුවන් .
යෝනි ශ්‍රාව ගැන ඔබ එතරම් සැලකිලිමත් නොවන කාරණා වලින් සමහර වෙලාවට පසු කාලීනව ඔබට පිලිකා වැනි ලොකු බලපෑමක් හෝ වෙනත් රෝග තත්වයක් ඇතිවන්න පුලුවන් . ඉතින් යෝනි ශ්‍රාව වල යම් වෙනස්කමක් තියෙනවා කියලා මේ ලිපිය කියවා දැනුවත් වූ ඔබට හිතෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න කියලා අපි ඔබට යෝජනා කරනවා.
Saru FM Media