යොවුන් දරුවන්ගේ මුදල් පරිපාලන පාඩම, HNB Wally – E වීසා කාඞ්පත

0
12


යොවුන් වියේ දරුවන් තම අනාගතය වෙනුවෙන් සූදානම් වීම අනිවාර්ය වේ. යම් දිනෙක මවක පියෙකු ලෙස ජීවිතය ගත කරන ඔවුන් ඒ මහා කර්තව්‍යය තම කර මතට ගැනීමට ගතින් සිතින් පමණක් නොව දැනුවත් බවින් ද ඉහළ මට්ටමක සිටිය යුතු වේ. එසේම වර්තමානය තුළ අප වටා පවතින සමාජ ආර්ථික ගැටලුකාරී තත්ත්වයන් හමුවේ තම දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය හා ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නිවැරදි තීරණ ගැනීමට නම් යොවුන් දරුවන්ට මුදල් පරිපාලනය පිළිබඳ දැනුවත් බව අත්‍යවශ්‍ය වේ.

HNB Wally – E  වීසා කාඞ්පත නව යොවුන් වියේ පසුවන දරුවන් වෙනුවෙන්ම සැකසුණු පෙරගෙවුම් වර්ගයේ වීසා කාඞ් පතකි. එහි ඇතුළත් සුවිශේෂී විශේෂාංග හේතුවෙන් දෙමාපිය ඔබේ මෙන්ම දරුවන්ගේත් වියපැහැදම් පිළිබඳව සැළකිලිමත්වීම සඳහා විශාල පහසුවක් සැලසේ. ඇතැම් විට නව යොවුන් වියේ පසුවන දරුවන් අතට බැංකු කාඞ්පතක් ලබාදීම බොහෝ මව්වරුන් සලකන්නේ නුසුදුසු තත්ත්වයක් ලෙසයි. නමුත් HNB Wally – E වීසා කාඞ්පත පිළිබඳව මව්වරුන් එලෙස අනියත බියක් ඇති කරගැනීම අවශ්‍ය නොවන බව ඒ පිළිබඳව දැනුවත් වූ පසුව අවබෝධ වනු නිසැකය. මන්ද ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට දරුවන්ගේ වියපැහැදම්, මුදල් ගනුදෙනු කළමනාකරණය කිරීමේ හැකියාව මව්පියන් සතු බැවිනි. එසේම දරුවන් යම් මිලදී ගැනීමක් සිදුකළ විගස ඒ කුමක්ද? ඒ සඳහා කොපමණ මුදලක් වැය වුණිද? එය මිලදී ගනු ලැබුවේ කොතැනින්ද? යන කරුණු පිළිබඳව මෙහිදී දෙමාපියන් වෙත තොරතුරු ලැබේ. එසේම තම කටයුතු පිළිබඳව අවබෝධාත්මකව තමා සතු මුදලට සරිලන දේ මිලදී ගැනීමට මෙන්ම තම කටයුතු තනිව ඉදිරිපත්ව සිදුකර ගැනීමටත් දරුවා මේ හරහා හුරු වේ.HNB Wally – E  වීසා කාඞ්පත නව යොවුන් වියේ පසුවන දරුවන්හට මුදල් පරිපාලන පාඩමක් බඳු යැයි පැවසෙන්නේ එබැවිනි.

නව යොවුන් වියේ පසුවන දරුවන් එනම් වයස අවුරුදු 13 – 18 දක්වා වූ දරුවන් වෙනුවෙන් වූ HNB Wally – E වීසා කාඞ්පත ඕනෑම HNB බැංකු ඒකකයකින් හෝ ්‍යභඊ පසැල් ඒකක මගින් අයදුම් කළ හැකිය. එහිදී හිමිවන අයදුම්පත පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් සමග භාර දිය යුතු වේ.

HNB Wally – E වීසා කාඞ්පත මගින් භාණ්ඩ හා සේවා ලබා ගත හැක්කේ පෙර අනුමත කරන ලද වෙළඳ සැල්වලින් පමණකි. දරුවන්ගේ පාසැල් ගාස්තු, පන්ති ගාස්තු හෝ වෙනත් ගාස්තු ගෙවීම් මේ හරහා සිදුකළ හැකිය. එසේම පෙර අනුමත සීමාවන්ට අනුව ATM යන්ත්‍ර හරහා අවශ්‍යතාවයකදී මුදල් ගැනීමේ හැකියාවද පවතී. සියලු තොරතුරු කෙටි පණිවිඩයක් ආධාරයෙන් මව්පියන් වෙත යැවේ. ඒ මගින් දරුවන්ගේ විය පැහැදම් පිළිබඳව සියලු සාක්‍ෂි වැඩිහිටි ඔබ සතුය.

මූලික මුදල රුපියක් 1000ක් පමණි. ඉන්පසුව එක් වරකට අවමය රු 1000/- සිට උපරිමය රුපියල් 100,000/- දක්වා රීලෝඞ් කිරීමේ හැකියාව පවතී.

දෙමාපියනි, යොවුන් වියේ පසුවන ඔබේ දරුවාට අනගතයේදී ඉතාම වැදගත් මුදල් පාරිපාලන පාඩම කියාදී ඔබේ යුතුකම ඉටුකර නිදහසේ කාලය ගත කරන්න දැන් ඔබටත් හැකියි. HNB Wally – E වීසා කාඞ්පත යොවුන් වියට සැබවින්ම දිරියකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here