යෙවාන් ඩේවිඩ් ජයග්‍රහණ දෙකක් සමග දිවයිනට

0
1

යුරෝ ෆෝමියුලා විවෘත ශූරතා තරගාවලිය:

යුරෝපයේ පැවති “යුරෝ ෆෝමියුලා විවෘත ශූරතා තරගාවලියේ” අනුශූරතාවය සහ එම තරගාවලියේ “රුකී ශූරතාවය” දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ මෙරටට පැමිණියේය.

ලෝකයේ රටවල් 08 ධාවන පථවල පැවති යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ අවසාන තරගය ඉතාලියේ මොන්ෂා ධාවන පථයේ පවත්වා තිබූ අතර, මෙම සමස්ත තරගාවලියේ අනුශූරතාවය, එහිදී හිමිකර ගැනීමට යෙවාන් ඩේවිඩ් සමත් වී තිබුණි. යෙවාන් ඩේවිඩ් උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින, තවමත් 18 හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙකි.

යෙවාන් ඩේවිඩ් පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here