දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමට සහ රට පුරා අඛණ්ඩ සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක් වෙන් කර තිබේ.
මානුෂීය හවුල්කාර සංවිධාන සමග ඒකාබද්ධව ලබා දෙන එම අධාර මුදල පීඩාවට පත් ජනතාවගේ මූලික සේවා සැපයීමට යොදාගනු ඇත.
යුරෝපා සංගමය සහ එහි හවුල්කාර සංවිධාන මීට පෙරද ඉංජිනේරු තාක්ෂණික සහය සහ ද්‍රව්‍යමය ආධාරද සමග යුරෝ මිලියන 2.35ක අධාර මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ජනතාවට ලබා දෙන ලදී.
යුරෝපීය සංගමය සහ එහි සාමාජික රටවල් ලොව ප්‍රමුඛතම මානුෂීය ආධාර සපයන්නන් ලෙස කටයුතු කරයි.
ගෝලීය වශයෙන් මුහුණ දෙන අපහසුතාවන්ගෙන් ජනතාව මුදා ගැනීම, ආපදා සහ අර්බුදවලින් පීඩාවට පත් ජනතාවගේ අඛණ්ඩතාව සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීම යුරෝපීය සංගමයේ ප්‍රධාන අරමුණු අතරට ඇතුළත්ය.
0
Saru News















