යුපුන් වසර පහකට පසු හෙට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහය දිවීමක

0
3


නිශ්මං රණසිංහ මැයි 08, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම වේගවත් ක්‍රීඩකයා වන යුපුන් අබේකොන් අද ඩුබායි හී පැවත්වෙන ඩුබායි ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා.2019 දෙසැම්බරයේ නේපාලයේ පැවති දකුණු ආසියාතික තරගාවලියේදී යුපුන් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට රන් පදක්කම ලබා දීම සඳහා එහිදී දායකත්වය දක්වා තිබෙනවා.

එම කණ්ඩායමට වඩා වෙනස් සාමාජිකත්වයක් සහිතව අද යුපුන් සමඟ එක් වන ක්‍රීඩකයින් වන්නේ චමොද් යෝධසිංහ,මෙරෝන් විජේසිංහ,දිනෙත් වීරරත්න සහ චමොද් දිසානායකයිහෛට (මැයි 9) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 9.30 ට යුපුන් මීටර් 100 පිරිමි තරගයට සහභාගි වන අතර එයින් විනාඩි 70 පසු පස්වර1 10.40 ට මීටර් 100 සහය දිවීමේ තරගයට සහභාගි වීමට නියමිතව තිබෙනවා.
මෙම තරගය සඳහා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස සුමුදු ඉෂාන් සමඟ ක්ලෝඩියෝ ලිසියාර්ඩෙල්ලෝ එක්ව සිටිනවා.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here