යුධමය හේතූන් මත මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා දින ගැනත් තීරණයක්!

0
2

රෂිකා හෙන්නායක මාර්තු 10 , කොළඹ LNW :

ඉකුත් දින කීපය පුරා අඛණ්ඩව පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා දින 14ක් දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් පසුගිය 28 වැනි දින සිට අවලංගු වූ ගුවන් ගමන් හේතුවෙන් මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි ඇතැම් විදේශිකයින් හට ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට පෙර ඔවුන්ට පිටත් වීමට නොහැකි විය.

ඒ අනුව, එවැනි මගීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගැනීමට හැකි වන තෙක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව රැඳී සිටීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පසුගිය 28 වැනි දින සිට මැදපෙරදිග බලා පිටත්වන ගුවන් ගමන් අවලංගු වූ විදෙස් ජාතිකයින් හට දින 14ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා දික් කිරීමට තීරණය වී තිබේ.

එසේම, තවදුරටත් එවැනි ගුවන් ගමන් අවලංගු කිරීම් පවතිනම් ඔවුන්ගේ වීසා දීර්ඝ කිරීමේ කාලය තවත් දින 14ක් දක්වා ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

The post යුධමය හේතූන් මත මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා දින ගැනත් තීරණයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here