චීනය පසුගිය බදාදා (03දා) නැවතත් සිය නව්‍ය යුද අවියක් ප්‍රදර්ශනය කළේය. ඒ යුද පිටියේ මිනිස් සොල්දාදුවන් වෙනුවට භාවිත කළ හැකි ‘රොබෝ වෘකයන්’ය. මෙම තුවක්කු රැගෙන යන රොබෝවරුන් ‘රහසිගතව සතුරන් වෙත ළඟා වීමට, ඉලක්ක වෙත නිරවද්‍යව වෙඩි තැබීමට සහ රළු භූමි ප්‍රදේශවල වැඩ කිරීමට’ නිර්මාණය කර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
දෙවන ලෝක යුද්ධයේදී ජපන් හමුදාවන්ට එරෙහිව චීනය ලැබූ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් චීනය දැවැන්ත යුද පෙළපාලියක් පැවැත්වීය. ලෝකයේ ඕනෑම තැනකට පහරදිය හැකි න්‍යෂ්ටික අවි ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය.
රොබෝ වෘකයන් හතර දෙනකුගෙන් යුත් කණ්ඩායම මෙම පෙළපාලියේ කොටසක් විය.
චතුර පමුණුව
Saru FM Media