මාර්තු දහතුන්වැනිදා යුක්‍රේන කුඩා දැරියක් චීන New Federal State හි ගලවා ගැනීමේ කූඩාරමට පැමිණ තිබෙනවා.ඇය චිත්‍ර ඇඳීමට ප්‍රිය කරන සිඟිත්තියක්.NFSC හි සහෝදරවරුන් ඇයට චිත්‍ර ඇඳීමට උපකරණ ලබා දී තිබුණා. NFSC හි සහෝදරවරුන්ට දැරිය විසින් අඳින ලද චිත්‍රය දැරියගේ මව ඉදිරිපත් කර තිබුණා.එය හද සසල කරවන චිත්‍රයක්.
යුද ගිනි මැද යාඥා කරන කුඩා දරුවන්,තුවක්කුවක් අතැති සෙබලෙකුගෙන් ජීවිතය ඉල්ලන සාමාන්‍ය වැසියෙක්,සොල්දාදුවන්,සිවිල් වැසියන් සහ ලෝකය ගෝල තුනක් ලෙසත්, දෑත් අල්ලා ගත් රුසියා සහ යුක්‍රේන වැසියන් දෙදෙනෙකු ද ඒ චිත්‍රයේ සටහන්ව තිබුණා.මෙය යුද්ධයට විරුද්ධව අඳින ලද චිත්‍ර බව දැරියගේ මව පවසා තිබුණා.දරුවෙකුට යුද්ධය ගැන දැනෙන්නේ මොනතරම් අනාරක්ෂිත සහ බියකරු හැඟීමක්දැයි වටහා ගන්නට ඒ චිත්‍ර හොඳින්ම ප්‍රමාණවත්.
මේ චිත්‍රය නැරඹීමෙන් පසු එහි අදහස සහිතව I draw my life ලෙස ගීයක් ගයන්නට තවත් යුක්‍රේන දැරියක සමත් වී තිබෙනවා.යුද්ධය මොනතරම් බියකරුද යන්න ගීයකින් ගයන ඈ Ameli Tvit.මේ ගීය දැන් සීඝ්‍රයෙන් සමාජ ජාලා තුළ සංසරණය වනවා.ඇමේලි ළමා යූ ටියුබ් තරුවක්.ඇය වාසය කරන්නේ ඉතාලියේ වුවත් යුක්‍රේන යුද්ධයට මැදිවූ සිය සීයා ගැන කණගාටුවෙන් පසුවන දැරියක්.
“ලෝකය ප්‍රචණ්ඩ වී ඇත.එයට කිසිම අනාගතයක් නැහැ.”
ඇමේලි පවසන්නෙ සත්‍යයක්.බලාපොරොත්තු සහ සාමය ගිලිහී ගිය ලෝකයක දරුවන්ට අනාගතයක් ඉතිරි වී නැහැ.සෑම සිහිනයකම බිය පමණක් ඉතිරිව අවසන්.යුද ගිනි ඇවිලෙන ලෝකයක් තමන්ට ජීවිතය යහපත්ව පවත්වා ගනිමින් වැඩුණු මිනිසුන් වන්නට ඉඩ නොදෙන බව දැන් කුඩා දරුවන් පවා වටහාගෙන අවසන්.
යුද්ධයකට විරුද්ධ වීමට සෑම මිනිසෙකුටම හැකියි.මානව දයාව සහිත ලෝකයක් බිහි කිරීම වෙනුවෙන් එය සෑම දෙනෙකුම කළ යුතුම කාර්යයක්.නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණ හරහා යුද්ධයට එරෙහිව බොහෝ දෑ කරන්නට පුලුවන්.කුඩා නිර්මාණකරුවන් පවා ඒ වෙනුවෙන් පෙරමුණ ගැනීම ඉතා වටිනා දෙයක්.පසුගිය දිනක ජීවිතය පරදුවටතබමින් පුටින්ට එරෙහිව විරෝධය ප්‍රසිද්ධියේ පළ කළ යුක්‍රේන මාධ්‍යවේදිනියගේ පසුපස මේ කුඩා දරුවන් ද පියමැන එමින් තිබෙනවා.
යුද්ධය නිසා ජයග්‍රහණයක් ලබන්නට නොහැකියි.එහි කිසිම වටිනාකමක් ද නැහැ.එය තවදුරටත් නොදැනුණු හැඟීමක් නම් ඇමේලි විනාඩි තුනක ගීයක් හඬමින් ගයන අයුරු අසා හිඳින්න යුක්‍රේන කුඩා දැරියගේ මේ සිතුවම දෙස මොහොතක් බලන්න.
මේ කුඩා දරුවන්ට යුධ ගිනි දැල් නොමැති ලෝකයක සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වීමට හැකි කාලයක් ඉක්මනින් උදාවේවා යන්න SmartLady අපේ පැතුමයි
Saru FM Media