යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

0
6

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යුද්ධ හමුදා බුද්ධි තොරතුරු අනුව රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව ඊයේ (21) සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එම දුම්වැටිවල වටිනාකම රුපියල් මිලියන 16.52 ක් බව සඳහන් වේ.

ඉදිරි විමර්ශන සඳහා දුම්වැටි සහ සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here