යුද්ධෙත් එක්ක පාපන්දු ලෝක කුසලානයේ ඉරණම

0
2

නිශ්මං රණසිංහ ,මාර්තු 03 කොළඹ LNW:

මැද පෙරදිග යුදමය තත්ත්වය සමස්ත ලෝක ක්‍රීඩාවටම දැඩි බලපෑමක් ඇති කරමින් ඇත.විශේෂයෙන් ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව හැටියට සැළකෙන පාපන්දු ලෝක කුසලානය පැවත්වීමට නියමිතව ඇත්තේ ඇමෙරිකාව,කැනඩාව සහ මෙක්සිකෝව කේන්ද්‍ර කරගෙන වන අතර එම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති රටවල් අතර ඉරානය ද වේ.

ඉරානය ජී කාණ්ඩයෙන් බෙල්ජියම,ඊජිප්තුව සහ නවසීලන්තය සමඟ තරගාවලියේ මූලික වටය නියෝජනයට සුදුසුකම් ලබා සිටියි.එම කාණ්ඩයේ ලෝක ශ්‍රේණිගත කිරීම් සළකද්දී ඉරානය සිටින්නේ බෙල්ජියමට පමණක් පසු පසින්ය.ලොව 20 වන තැන සිටින ඉරානය ආසියාවේ කණ්ඩායම් අතර පසුපසින් සිටින්නේ ජපානයට පමණි.

ඉරානය මූලික වටයේ තරගවලට මුහුණ දීමට නියමිතය සිටින්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේ දී සහ වොෂින්ටන් හී පිහිටි සීට්ල් ක්‍රීඩාංගණයේදී ය.මේ පවතින තත්ත්වය ඇතුළත ඉරානයට පමණක් නොව,මැද පෙරදිගින් සුදුසුකම් ලබා සිටින සවුදි අරාබියා,කටාර් සහ ජෝර්දාන කණ්ඩායම්වලට ද සිය කණ්ඩායම් තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමට විශාල බාධාවක් මතු වී ඇත.

මැද පෙරදිග යුදමය තත්ත්වයට ප්‍රතිචාර දක්වන්නට මේ වන විට එංගලන්තය,ප්‍රංශය වැනි රටවල් ද ඉරානයට එරෙහිව සටන් වඳින්නට තීරණය කර ඇති අතර එවැනි තත්ත්වයක් ඇතුළත ඉරානය ද දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලාහ් වැනි සංවිධානවල සහයෙන් යැපෙන්නට තීරණය කර ඇත.එවැනි වාතාවරණයක් මත ලෝක දේශපාලනයේ ඉදිරි මොහොත අවිනිශ්චිතව පවතින බැවින් සමහර විට ලෝක කුසලාන තරගාවලියම හැකිලී යන්නට ද ඉඩ ඇත.

The post යුද්ධෙත් එක්ක පාපන්දු ලෝක කුසලානයේ ඉරණම appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here