“යුද්ධය නවත්වන්න” – ඊජිප්තුව ඉල්ලා සිටි ! – Saru News | සිංහල

0
2

මැද පෙරදිග මේ වන විට උත්සන්න වී ඇති යුද්ධය අවසන් කළ හැක්කේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පමණක් බව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al-Sisi පවසන අතර මෙම අනිසි ගැටුම නිසා ලෝක වෙළඳ පලේ තෙල් මිල ඩොලර් 200 දක්වා ළඟා විය හැකි බවට ද අනතුරු අඟවයි. මෙම අර්බුධය හේතුවෙන් පොහොර ලබා ගැනීමට සිදු වන බාධා හේතුවෙන් ලෝකයට ආහාර සැපයුමේ අවදානමක් ද පවතින බව ඊජිප්තුවේ පැවැති Egypt Energy Show 2026 සමුළුව අමතමින් පවසා සිටියේය.

ඊජිප්තු ජනාධිපති Abdel Fattah al-Sisi ඉරානය සමඟ යුද්ධය අවසන් කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි අතර, එසේ කළ හැක්කේ ඔහුටම පමණක් බව පවසමින්, තෙල් මිල බැරලයකට ඩොලර් 200 ඉක්මවන බවට ආර්ථික විශේෂඥයින් විසින් ඉදිරිපත් කරන බිය අතිශයෝක්තියක් නොවන බවට ද අනතුරු ඇඟවීය.

“මම ජනාධිපති ට්‍රම්ප්ට කියනවා: ඔබ හැර වෙන කිසිවෙකුට අපේ ගල්ෆ් කලාපයේ යුද්ධය නැවැත්විය නොහැක. “කරුණාකර, ජනාධිපතිතුමනි, කරුණාකර, මම ආපසු ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා” මේ අනිසි යුද්ධය නැවැත්වීමට අපට උදව් කරන්න කියල. ඔබ ඒ සඳහා හැකියාව ඇත,” යයි ඔහු හැඟුම්බරව පවසා සිටියේය.

ඇමරිකානු මිලිටරි ආධාර සහ ධනවත් ගල්ෆ් රාජ්‍යයන්ගේ සහයෝගයෙන් දිගු කලක් ප්‍රතිලාභ ලබා ඇති ඊජිප්තුව, ගල්ෆ් අරාබි රාජ්‍යයන්ට එල්ල කරන ඉරාන ප්‍රහාර ද හෙළා දුටු අතර පුළුල් කලාපීය යුද්ධයක් වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දිරිමත් කළේය. යුද්ධය ද්විත්ව කම්පනයක් ඇති කරන බව Abdel Fattah al-Sisi  සමුළුවේදී පැවසීය: සැපයුම් හිඟය සහ මිල ඉහළ යාම, එහි සම්පූර්ණ ප්‍රමාණය තවමත් ලෝකයට දැනී නොමැත. ඔහු පවසා සිටියේය.

“නිෂ්පාදනය අඩපන කිරීම හෝ පිරිපහදු විනාශ කිරීම, බලශක්ති පහසුකම් ඉලක්ක කිරීම ගෝලීය ආර්ථිකයට සහ ඉන්ධන මිලට ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි මම බිය වෙමි. තෙල් බැරලයක මිල ඩොලර් 200 ඉක්මවිය හැකි බවත්, එය අතිශයෝක්තියක් නොවන බව වෙළඳපොළ නිරීක්ෂකයින් පවා අනතුරු අඟවා තිබෙනවා “යයි ඔහු පැවසීය.

ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය ආහාර සැපයුම් අර්බුදයක් පිළිබඳව ද Abdel Fattah al-Sisi  අනතුරු ඇඟවූ අතර, පොහොර අපනයනයට සිදුවන බාධා මිල ගණන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන බව අවධාරණය කළේය.

“ධනවත් රටවලට එය අවශෝෂණය කර ගැනීමට හැකි විය හැකි නමුත්, බිඳෙනසුලු සහ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයන් සහිත රටවල් සඳහා, එය ඔවුන්ගේ ස්ථාවරත්වයට ඉතා බරපතල බලපෑමක් ඇති කළ හැකිය,” යයි ඔහු පැවසීය.

1967 යුද්ධයේදී ඊශ්‍රායලය අත්පත් කරගත් සිනායි අර්ධද්වීපය නැවත පැමිණීම නියම කළ 1979 සාම ගිවිසුමේ සිට ඊජිප්තුව සහ ඊශ්‍රායලය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, මෙම සබඳතා බොහෝ විට සීතල සාමයක් ලෙස විස්තර කෙරෙන අතර, පලස්තීනුවන්ට ගාසා තීරයෙන් ඉවත් වී දේශ සීමාව තරණය කිරීමට බල කෙරෙනු ඇතැයි ඊජිප්තුව දිගු කලක් තිස්සේ බිය වී සිටි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කළ බව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al-Sisi තම දේශණයේදී පිළිගත්තේය, නොවැම්බර් මාසයේදී ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් නිවාඩු නිකේතනයේ සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමට පෙර එක්සත් ජනපද ජනාධිපතිවරයාට පමණක් ගැටුම අවසන් කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළ බව යලි සිහිපත් කළේය.

 ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ මහලේකම් ජාසෙම් මොහොමඩ් අල්බුදායිවි, සමුළුව අමතමින් සඳහන් කලේ ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ කලාපීය බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙසද ඉල්ලා සිටියේය. අත්‍යවශ්‍ය සමුද්‍රීය කොරිඩෝ හා බලශක්ති මුලාශ්‍ර ආරක්ෂා කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

සමුළුව අමතමින් ඔහු පැවසුවේ ඉරාන ආක්‍රමණය ලෝකයට තර්ජනයක් එල්ල කරන බවයි.

“ඉරානයේ බලශක්ති පහසුකම් ඉලක්ක කරමින් එල්ල වන ප්‍රහාර සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් පමණක් නොව, ගෝලීය බලශක්තියට සෘජු තර්ජනයක් ද වේ,” යයිද ඔහු අවධාරණය කළේය. GCC සාමාජික රටවල් – සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමානය සහ බහරේන් – ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට ලක්ව ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා මීට පෙර ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් ලබා දුන් තීරණාත්මක මාර්ගයක් අවහිර වී තිබේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here