මැදපෙරදිග යුද්ධය නවත්වන ලෙස අමෙරිකාවට බල කරමින් සහ ඉරානයට සහාය පළකරමින් අද (06) කොළඹදී විරෝධතා පැවැත්වුණි.
එම විරෝධතාවලට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වී තිබුණි.
කොළඹ දවටගහ පල්ලිය අසල අද දහවල් මෙම විරෝධතාව පැවැත්වුණි.
මුස්ලිම් ප්‍රජාව සංවිධාන කර තිබූ මෙම විරෝධතාවට මෙරට ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කෝෂ් මහතා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් එක්වුණි.
මේ අතර මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද අද උදෑසන සාමකාමී විරෝධතාවක් පැවැත්වුණි.
එය සංවිධාන කරනු ලැබුවේ සිවිල් සංවිධාන එකතුවක් විසිනි.
මේ අතර අමෙරිකාව ඉරානයට සිදුකරන ප්‍රහාරවලට විරෝධය පළකරමින් හා මැදපෙරදිග යුද්ධය නවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී ද උද්ඝෝෂණයක් පැවැත්වුණි.
ඒ එක්සත් සමාජවාදී පෙරමුණ, සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසිනි.
Saru News















