යුද්ධය අවසන් කිරීමට රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා

0
4


යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පෞද්ගලික හමුවක්  සිදු වීමට නියමිතව තිබෙනවා. 

ඒ මැයි 15 වන දින ඉස්තාන්බුල්හිදීයි. 

දිගුකාලීන සාමයක් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේනය සමඟ සෘජු සාකච්ඡා යෝජනා කර තිබෙනවා. 

එම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව යුද්ධය අවසන් කිරීම සලකා බැලීම ධනාත්මක ලකුණක් බවත් යුක්‍රේනය සාකච්ඡා සඳහා එකඟ වන්නේ දින 30ක කොන්දේසි විරහිත සටන් විරාමයකට අත්සන් කළහොත් පමණක් බවත්ය. 
 

කෙසේවෙතත්  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේන ජනාධිපතිවරයාට බලපෑම් කිරීමෙන් පසු දෙරට අතර සාකච්ජා සඳහා යුක්‍රේනය එකඟතාව පල කර ඇති බවයි වාර්තා වන්නේ. 

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයෙන් ඉල්ලා සිටියේ පූර්ව කොන්දේසි නොමැතිව සාම සාකච්ඡා සඳහා එකඟ වන ලෙසයි. 

රුසියානු ජනධිපතිවරයා තුර්කියට එනතුරු තමන් බලා සිටින බවද යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා. 
 

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර නායකයින්ගේ පළමු හමුව මෙය වනු ඇති බවයි වාර්තා වන්නේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here