යුග දිවියට පිවිසී හිටපු ඇමැති, ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා සහ ඔහුගේ බිරිඳ ඊයේ (26 දා) උදෑසන ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.
ඔවුන් ඉකුත් 23 වැනිදා තිරිප්පූර්වලදී විවාහ දිවියට එළඹ තිබෙන අතර ජීවන් මහතාගේ බිරිඳ සීදෙයි ශ්‍රී නාච්චියාර් වෛද්‍යවරියකි. ඔවුහු ඊයේ (26 දා) උදෑසන 11.05ට ඉන්දියාවේ ටි්‍රචි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
කටුනායක ටී.කේ.ජී.කපිල
Saru FM Media









