යුක්රේන හා රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා පෙබරවාරි 17 සහ 18 යන දිනවල ජිනීවාහි දී යලි නව සාකච්ඡා ආරම්හ කරන බව දෙපාර්ශ්වයම අද පෙබරවාරි 13 වනදා නිවේදනය කර සිටියහ. ට්‍රම්ප් පරිපාලනය හා පුටීන් අතර පෙබරවාරි 11 වනදා ඇති වූ දුරකථන සාකච්චා වලින් පසුව යුරෝපා සංගමය හා ප්‍රංශය ද රුසියාව සමග සාකච්චා කිරීමට පෙළඹෙමින් සිටින බව ද මේ අතර වාර්තා වේ. එසේම යුද්ධය දිගටම පවත්වාගෙන යාම සඳහා යුරෝපා සංගමය ඩොලර් බිලියන 35 ක් වැයකළ බවද වාර්තා වන අතර එය 2024 වසරට වඩා 14 %ක අඩුවීමක් ලෙසද යුධ විශේෂඥයින් මේ අතර පෙන්වා දේ.
“යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇත, ඇත්ත වශයෙන්ම, ලබන සතිය තුල සාකච්චා පැවැත්වෙන ස්ථානය සහ දිනයන් පිළිබඳව අපි ඔබට දන්වන්නෙමු,” යයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද 13 වනදා මාධ්‍ය වෙත පැවසා සිටියේය.
යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහා මොස්කව්, කියෙව් සහ වොෂින්ටන් අතර ඊළඟ වටයේ සාකච්ඡා ලබන අඟහරුවාදා සහ බදාදා ජිනීවාහිදී පැවැත්වෙන බව ක්‍රෙම්ලිනය ඒ අනුව අද පෙබරවාරි 13 වන සිකුරාදා නිවේදනය කළේය.
“ඊළඟ සාකච්ඡා වටය පෙබරවාරි 17 සහ 18 යන දිනවල ජිනීවාහිදී පැවැත්වෙන අතර, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුක්රේනය අතර ත්‍රෛපාර්ශ්වික ආකෘතියකින් එය පැවැත්වේ,” යයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් රියා නොවොස්ටි ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, සාකච්ඡාකරු ව්ලැඩිමීර් මෙඩින්ස්කි රුසියානු දූත පිරිසට නායකත්වය දෙන බව සඳහන් කරමිනි.
මේ අතර පෙබරවාරි 11 වන බදාදා, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ද ප්‍රකාශ කළේ, මේ වසරේ අබුඩාබියේ පැවති රැස්වීම් දෙකකින් පසුව, ලබන සතියේ මියාමිහිදී කියෙව් සහ මොස්කව් අතර තුන්වන වටයේ සෘජු සාකච්ඡා සංවිධානය කිරීමට එක්සත් ජනපදය යෝජනා කර ඇති බවයි.
යුක්රේන ජනාධිපතිවරයාට අනුව, යුක්රේනය ෆ්ලොරිඩාවේ මෙම රැස්වීම “වහාම” පිළිගත්තේය. “රැස්වීම මියාමිහි සිදුවන්නේද අබුඩාබියේ සිදුවන්නේද යන්න අපට වැදගත් නොවේ. අවශ්‍ය ප්‍රධාන දෙය නම් සාකච්චා වල ප්‍රතිඵලයක් තිබීමයි,” යයි ඔහු තවදුරටත් පවසා සිටියේය.
රුසියානුවන්, යුක්රේනියානුවන් සහ ඇමරිකානුවන් මෑත සතිවලදී අබුඩාබි හි සතුරුකම් නැවැත්වීම සඳහා සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත. ඊයේ පෙබරවාරි 12 වන දා රුසියාව එල්ල කල මාරාන්තික රුසියානු බෝම්බ ප්‍රහාර දිගටම සිදුවෙමින් පවතින අතර එමගින් යුක්රේනයේ බලශක්ති ජාලය විනාශ වූ බව යුක්රේන හදිසි සේවා සහ පළාත් පාලන ආයතන අද සිකුරාදා නිවේදනය කළේය. 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කළ රුසියාව, රටේ භූමියෙන් 20% ක් පමණ අල්ලාගෙන සිටින අතර ඩොනෙට්ස්ක් හි නැගෙනහිර කලාපයේ පූර්ණ පාලනය ලබා ගැනීම සඳහා බල කරමින් සිටින අතර, සාකච්ඡා අසාර්ථක වුවහොත් එය බලහත්කාරයෙන් හෝ අත්පත් කර ගන්නා බව ට ද තර්ජනය කරයි.
මේ අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පෙබරවාරි 10 වන අඟහරුවාදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සංවාදය අතරමග මැදිහත්කරුවන් නොමැතිව නැවත ආරම්භ කල යුතු බවට අවධාරණය කරන ලදී. යුක්රේනයේ යුද්ධය හේතුවෙන් බොහෝ දුරට පලදු වූ රාජතාන්ත්‍රික සම්බන්ධතා යලි රුසියාව සමග ආරම්භ කිරීමේ අභිප්‍රාය මත පෙබරවාරි මස මුලදී මොස්කව් වෙත ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික උපදේශකයා යැවු බවද ඔහු මාධ්‍ය ඉදිරියේ පිලි ගත්තේය.
“අපට අවශ්‍ය කුමක්ද? අපට යුක්රේනයේ ආරක්ෂාව සඳහා සහතිකයක් අවශ්‍යයි, නමුත් අපට යුරෝපීයයන් සඳහා සමෘද්ධිය පිළිබඳ ගැටළු, අපගේ යුරෝපයේ අනාගතය, ආරක්ෂාව” ද ඔහු ලැයිස්තුගත කළේය.
යුක්රේනය හා රුසියාව වටා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් තීව්‍ර වන විට, රුසියානු-ඇමරිකානු සංවාදයක් ආරම්භ වීමත් සමඟ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පෙබරවාරි 9 වන සඳුදා යුද්ධයේ ප්‍රතිඵලයට සහ මහාද්වීපයේ ආරක්ෂාව සඳහා යුරෝපීය නායකයින් පැරිසියට කැඳවීය. මෙම හදිසිය ඇතිවූයේ පසුගිය බදාදා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමීර් පුටින් අතර ඓතිහාසික පැය එකහමාරක දුරකථන සංවාද හුවමාරුව නිසා වෙනි. ඒ අනුව ඇති වී ඇති නවතම තත්වය මත බ්‍රසල්ස් සිට රියාද් දක්වා, මියුනිච් සහ පැරිස් හරහා, සාකච්ඡා තීව්‍ර වෙමින් පවතින අතර, රුසියානු ආක්‍රමණයේ තුන්වන සංවත්සරය දින කිහිපයකින් ළඟා වන බැවින්, යුක්රේනයේ ගැටුම සමථයකට පත් විය හැකි බවට ද අපේක්ෂා කෙරේ.
එක්සත් ජනපදය සහ රුසියාව යන ප්‍රබලයන් දෙදෙනා සාම ගිවිසුමක් යුරෝපා සංගමය නොමැතිව සාකච්ඡා කිරීමට අදහස් කරන අතර, 1945 සිට පැවති අත්ලාන්තික් සාගර සම්බන්ධතාවයේ හදිසි අවසානය මෙසේ සිදු වීමත් සමඟ යුරෝපා රටවලට තනි පෙරමුණකට පැමිණීමට බල කර ඇත.
“මෙවැනි එයතිහාසික ගිවිසුමක් ඇමරිකාව හා රුසියාව අතර ඇති වුව හොත් දැඩි රාජ්‍ය තාන්ත්‍රික කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකට තල්ලු වී අපට අපගේ ආසන පටි සවි කිරීමට සිදුවනු ඇත,” යයි යුක්රේන රාජතාන්ත්‍රික මූලාශ්‍රයක් පවසා සිටි බව ප්‍රංශ පුවත්පතක් වාර්තා කර සිටි.
මේ අතර යුක්රේනය සඳහා යුධ ආධාර ලබා දෙන යුරෝපා සංගමය 2025 දී යුරෝ බිලියන 36 ක මිලිටරි, මුල්‍ය සහ මානුෂික ආධාර වෙන් කළ අතර එය 2024 ට සාපේක්ෂව 14% කින් අඩුවී ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් ගේ යලි ආගමනයත් සමග යුක්රේනය සඳහා මිලිටරි සහයෝගය අඩුවෙමින් පවතී. 2024 දී එය ඩොලර් බිලියන 41.2 ක් වූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු එක්සත් ජනපද ආධාර සම්පූර්ණයෙන්ම නතර වීමත් සමඟ, යුක්රේනය සඳහා සහය තවත් පහත වැටී ඇත.
“යුක්රේනයට ආධාර කරනවාට වඩා මුදලක් යුරෝපා සංගමය ගෑස් මිලදී ගැනීම සඳහා ඇමරිකාවට ගෙවා තිබෙනවා”: යයි යුරෝපා කොමිසමේ බල ශක්ති ඇමැති Dan Jørgensen අද මාධ්‍ය වෙත පවසා සිටියේය.
2025 ජූලි 27 වන දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අවසන් කල තීරුබදු සඳහා ගිවිසුමේ දී, යුරෝපීය කොමිසම 2028 අවසානය වන විට එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 750 ක ගෑස් හා තෙල් බලශක්තිය මිලදී ගැනීමට ගිවිස ගත්තේය. 2021 වන විට යුරෝපය සඳහා ඇමරිකාවෙන් සිදු කල ගෑස් අපනයනය 21%ක් වූ අතර 2025 වන විට 60%ක් ලෙස සඳහන් වේ.
22
Saru News








