උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදු කරන අත්‍යාවශ්‍ය නඩන්තු කටයුත්තක් හේතුවෙන් යාල්දේවී දුම්රිය ලබන 07 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළ ප්‍රමාද වී ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ හේතුවෙන් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන යාල් දේවී ශිඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුවෙන් නියමිත වෙලාවට පෙ.ව 06.40 ට ගමන ආරම්භ කර වව්නියාව වව්නියාවට ලඟා වීම – පෙ.ව. 11.35 දක්වා නියමිත පරිදි ධාවනය වී පැය 02යි මිනිත්තු 40ක කාලයක් වව්නියාව දුම්රිය ස්ථානයේ නවත්වා තබා පසුව වව්නියාව දුම්රිය ස්ථානයෙන් ප.ව. 02.15ට කන්කසන්තුරය දක්වා ධාවනය කිරීමට නියමිතය.
Saru FM Media