යාපනයේ ජීවත් වූ ප්‍රවීණ සාහිත්‍යධරයෙකු හා නීතිවේදියෙකු වූ අලගු සුබ්‍රමනියන් මහතා ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ යාපන රසකතා කෙටිකතා සංග්‍රහයේ සිංහල පරිවර්තනය පසුගියදා එළිදැක්වුණා.
අලගු සුබ්‍රමනියන් මහතා රචනා කළ යාපන රසකතා කෙටිකතා කෘතියේ සිංහල පරිවර්තනය සිදුකර ඇත්තේ සම්මානිත මහාචාර්ය ගාමිණී ෆොන්සේකා මහතායි.
එම කෘතිය එළිදැක්වීම වැල්ලවත්ත තමිල් චංගම ශාලාවේදී පසුගියදා සිදුවුණා.
සුප්‍රකඨ ලේඛක හා නීතිවේදී අලගු සුබ්‍රමනියන් මහතා ඇඟයීමේ විශේෂ උත්සවයක් ද මීට සමගාමීව පැවැත්වුණා.
ප්‍රවීණ කිවිවර සාහිත්‍ය විචාරක මේමන් මහතායි එය සංවිධාන කර තිබුණේ.
මෙවැනි පරිවර්තන කෘති තුළින් ජාතීන් අතර අවබෝධතාවත් සහිදියාවත් වර්ධනය වන බවයි මෙහිදී සිදුකළ දේශන වලින් පෙන්වා දුන්නේ.
Saru FM Media