යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට ඉල්ලීමක් 

0
10

වර්ථමානයේ රෝහලේ සිදු කරන ප්‍රතිකාර ඇතුළු සියලු සත්කාර තවදුරටත් කාර්යක්ෂම හා වර්ධනය කරගැනීම උදෙසා කාර්යමණ්ඩල අවශ්‍යතාවක් මතුව ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ පරිපාලන නිලධාරීන් පවසයි.

ඔවුන් මේ පිලිබඳව පවසා ඇත්තේ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳව සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කළ ආයතනික සමාලෝචනයේදී අකරුණු දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ.

එහිදී අදාළ නිලධාරීන් යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවයද කාරක සභාවට දැනුම්වත් කර ඇත.

එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකාවේ දැනට ජාතික රෝහල් 3ක් පවතින බවත් නුදුරේදී අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.

එමෙන්ම කාර්ය මණ්ඩලය පිළිබඳව නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත.

තවද යාපනය ශික්ෂණ රෝහල සඳහා අභ්‍යන්තර විගණකවරයෙක් රෝහලට පත්කොට රෝහල් පරිපාලනය ඇතුළු රෝහලේ ක්‍රියාකාරිත්වයේ විනිවිදභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස රෝහල් පරිපාලන බලධාරීන් කාරක සභාවෙන් ඉල්ලා තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here